කොවිඩ් වෛසරය ආසාධනය වීම හේතුවෙන් මාරවිල සහ හලාවත ප්රදේශ වල කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය 06 වැනිදා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එක් කාන්තාවක් මිය ගොස් ඇත.ඇයගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් 07 වැනිදා සිදු කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව කොවිඩ් ආසාධිත තැනැත්තියක බවය. 73 හැවිරිදි එම කාන්තාව මාරවිල – කුරුස පල්ලිය ප්රදේශයේ පදිංචි කාරියකි.
මේ අතර,හලාවත – මැදවත්ත ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් පසුගිය 07 වැනිදා රාත්රී 10.00 ට පමණ තම නිවසේදී මිය ගොස් ඇත.
62 හැවිරිදි එම කාන්තාවගේ ජෛව පටස සාම්පල පරීක්ෂණයක් 08 වැනිදා හලාවත මහා රෝහලේදී සිදු කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාවද කොවිඩ් ආසාධිත තැනැත්තියක බවය.