Tuesday, January 28, 2025

කොරෝනා දෙවැනි මාත්‍රාව ලබා දිය යුතුව තිබූ පුද්ගලයෙකු මැරුනොත් GMO ඒක වගකිව යුතුයි

Must read

UPUL ROHNA

කොරෝනා දෙවැනි මාත්‍රාව ලබා දිය යුතුව තිබූ යම් අයෙකු මිය ගිය හොත් එහි වගකීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බාර ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

වැඩි දුරටත් මධ්‍ය වෙත අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා මෙසේද කියා සිටියේය.

කොව්ඩ් දෙවැනි මාත්‍රාව තම පවුල් අයළුන්ට ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන තිබූ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂෙත්‍රයට අයත් වෘත්තීය සමිති 25 ක් පමණ දැඩි අප්‍රසාදය පළ කර තිබුණා.මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළ යුත්තේ සිදුවී ඇති වරද නිවැරදි කර ගැනීම මිස අනෙකුත් වෘත්තීය සමිති වලට දොස් පැවරීම හෝ සත්‍ය වසන් කිරීම නොවන බවයි අපි විශ්වාස කරන්නේ.

කොරෝනා පළමු මාත්‍රාව ලබා දී ඇති දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු විශාල පිරිසක් අප රට තුළ සිටිනවා.ඔවුන් අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම, ආරක්ෂ අංශයේ අයවළුන්ද සිටිනවා.එම පිරිස් කොවිඩ් ආසාධිතයින් සමග බිම් මට්ටමේ ගත කරන අයවළුන්.එමෙන්ම අවදානම් කලාප වල ජීවත් වන පිරිසක්ද සිටිනවා කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු.එවැනි පිරිසකට ලබා දීමට තිබූ කොරෝනා එන්නත් සීමිත ප්‍රමාණයක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොල්ලකා තම පවුල් වල සාමාජිකයින්ට ලබා දීමට කටයුතු කර ඇත්තේ.මෙය අපරාධයක් බවයි අපගේ අදහස.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබූ මේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 25 ක පමණ වන සාමාජිකයින් 25 වැනිදා පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියා ම්රගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණා.

නමුත් 24 වැනිදා රාත්‍රීයේ වෘත්තීය සමිති නායකයින් සහ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් සමග සිදු කළ සාකච්චවෙන් අනතුරුව අප කිසියම් තීරණයකට එළඹී තිබෙනවා.දැනට කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී නොමැති සියළුම කාර්ය මණ්ඩල වලට එය ලබා දීමට තීරණය කලා. එමෙන්ම නැවතත් මෙවැනි අත්තනෝමතික කටයුත්තක් සිදු වුවහොත් නැවත දැණුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමටත් අප තීරණය කර තිබෙනවා.

 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article