කොරෝනා ඇතුළු ඕනෑම වෛරස් රෝගයක් සුව කළ හැකි ඉපැරණි වට්ටෝරුවක් අනුව සකස් කළ ඖෂධයක් තමන් සතුව ඇතැයි මාදම්පේ – හරීන්ද්රගම, මුදිත සුව සෙවනේ වාසය කරන කේ.මුදිතධම්ම ස්වාමීන් වහන්සේ සදහන් කරයි.
1960 වර්ෂයේ සිට සර්ප විෂ වෛද්‍ය සේවයේ නිරත වන තමන් වහන්සේ 1978 වර්ෂයේදී මෙරට සර්ප විෂ වෛද්‍යවරයෙකු ලෙස ලියා පදිංචිය ලබා ඇති බවද උන් වහන්සේ සදහන් කරයි.
පරම්පරා කීපයක් සතුව තිබූ පුස්කොල පොත් වල ඇති ඉපැරණි ඖෂධ වට්ටෝරු ගනනාවක් තමන් වහන්සේ සතුව ඇති බවත්,එම වට්ටෝරු උපයෝගී කරන ගෙන ඇති විවිධ ගුණාංගයන්ගෙන් සමන්විත ඖෂධ භාවිතා කරමින් වසර කීපයකට පෙර පෙර සදහන් ඖෂධය නිෂ්පාදනය කිරීම හැකියාව ලැබුණු බවද මුදිතධම්ම ස්වාමීන් වහන්සේ සදහන් කරයි.
තමන් විසින් වසර කීපයකට පෙර නිෂ්පාදනය කරන ලද ඖෂධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මේ වන විට 81 වැනි වියේ පසුවන කේ.මුදිතධම්ම ස්වාමීන් වහන්සේ මෙසේද පැවසීය.
“ඉතාමත්ම ඉපැරණි ඖෂධ වට්ටටෝරු ගනනාවක් දැනට මා සතුව තිබෙනවා. මෙම ඖෂධ වට්ටෝරු උපයෝගී කර ගෙන පසුගිය කාලයේ මම විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය කලා.ඒ සදහා අවශ්‍ය කරන ඇතැම් බෙහෙත් වර්ග මෙරටින් සොයා ගත් අතර ඇතැම් ඒවා විදෙස් රටවල් වලින්ද ගෙන්වා තිබෙනවා. එමෙන්ම මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා ඒ වෙනුවෙන්ම සකස් කළ උපකරණ භාවිතා කිරීම විශේෂත්වයක්.
ඇතැම් ඖෂධ භාවිතා කර විවිධ වර්ගයේ රෝගීන් දහස් ගනනක් මම සුව කර තිබෙනවා.ඊට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා.
වර්තමානයේ ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය සෙම ආශ්රිත රෝගයක්.ශරීරයට යම් විෂක් ඇති වූ විට සෙම් රෝග සෑදීම තමයි මුලින්ම සිදු වන්නේ.ඒ අනුව අපට සිතා ගත හැකියි කොරෝනා වෛරසය පැතිර යන්නේ විෂ මූල කරගෙන බව.ඒ නිසා අපි මුලින්ම ප්‍රතිකාර කළ යුත්තේ ශරීරයේ තැම්පත් වන විෂ නැති කිරීම සදහායි.ශරීරයේ තිබෙන විෂ නැති කළ විට සෙසු රෝග වලට ප්‍රතිකාර කිරීම ඉතාමත්ම පහසුයි.ඕනෑම කෙනෙකුගේ ශරීරයට ඇතුළු වන විෂක් මා සතුව ඇති තෛලයෙන් දින කීපයකින් නැති කරන්න හැකියාව තිබෙනවා.එය ම ස්ථීරයි.
මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙන්ම දේශීය සෞඛ්‍ය ඇමතිවරයාටත් දන්වා තිබෙනවා.එමෙන්ම මා සතුව ඇති මෙම බෙහෙත් වට්ටෝරු වලින් නිෂ්පාදනය කළ හැකි ඖෂධ සම්බන්ධයෙන්ද මම මීට පෙර දන්වා තිබෙනවා.නමුත් කනගාටුවට කරුණ වී තිබෙන්නේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකිරීමයි.
කිසියම් අයෙකු ඉදිරිපත් වන්නේ නම් මට හැකියාව තිබෙනවා කොරෝනා වෛරසය ශරීරයෙන් ඉවත් කරන්න.ඒ සදහා මම කාලය ගන්නේ දින 03 ක් පමණයි.දැනට සම්මත ක්‍රමවේදයකට අනුව මෙම ඖෂධය ලබා දීමට මම සුදානම්.ඒ සදහා අවස්ථාව පමණයි මා හට අවශ්‍ය වන්නේ.”
විවිධ දේශීය ඖෂධ වර්ග භාවිතා කිරීම තුළින් කොරෝනා වෛරසයෙන් මිදිය හැකි බව ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවා පසුගිය දිනවල පවසා තිබුණි.එසේ නම් දේශීය වෛද්‍ය කර්මාන්තයට වර්තමානයේ පවතින තත්ත්වයට කිසියම් සහායක් ලබා දිය හැකි බවට අප අවධාරණය කර ගත යුතුය.නමුත් අවසානවකට සිදු වන්නේ එවැන්නක් සිදු නොවීමය.
සටහන – ජූඩ් සමන්ත.