Saturday, January 18, 2025

කොරෝනා අර්බුදයෙන් පීඩා විදින අපේ විදේශ ශ්‍රමිකයින් නොමිළේ ගෙන්වා ගන්න වැඩපිලිවෙලක් සකස් කළ යුතුයි – පා.ම.හෙක්ටර් අප්පුහාමි

Must read

01(3)කොරෝනා වසංගතය අපේ රටේ එක්තරා පිරිසක් ගරානාවක් බවට පත් කරගෙන සිටින බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහක් දැක්වූ පාර්ලිමේන්තු මන්‍ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද පැවසීය.

”වසර ගනනාවක් අපේ රට ජීවත් කළේ විදේශ ගත ශ්‍රමිකයින්.ඔවුන් විදෙස් රටවල් වල සිට හරි හම්භ කළ මුදල් අපේ රට ජීවත් කරන්න ඉවහල් වුණා. නමුත් කියන්න කනගාටුයි අප විදේශ ගත ශ්‍රමිකයින් අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා.විදේශ ගතව ඉන්න බොහෝ දෙනෙකුගේ සේවා කාලය මේ වන විට අවසන් වී තිබෙනවා.ඔවුන් කැමතියි තමන්ගේ මව්බිමට එන්න. නමුත් අද ඔවුන් නොදන්නා රටවල් වල නන්නත්තාර වෙලා ඉන්නේ.ඒ අයට තමන්ගේ රටට එන්න පුළුවන් කමක් නැහැ.මේ ක්‍රමය කඩිනමින් වෙනස් කළ යුතු වෙනවා.

පිරිසක් අසනීප වෙලා.තවත් පිරිසක් අසනීප තත්ත්වය හේතුවෙන් රැකියාවන් අහිමි වෙලා අසරණ තත්ත්වයට පත් වෙලා කියලා දැන ගන්නට තියනවා. ඇතැම් අය මහ පාරවල් වල මැරිලා යනවා.නමුත් විදෙස් ගතව සිටින අපේ අයව ගෙන්වා ගන්න රජය නිසි ක්‍රමවේදයක් හදලා නැහැ.සංචාරකයින් අපේ රටට එන එක හොද වැඩක්.නමුත් සංචාරකයින්ට කලින් අපේ අයව ගෙන්වා ගන්න කටයුතු කළ යුතු වෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය තුළ ඇති තරම් මුදල් තියනවා.ඒ මුදල් මේ වෙලාවේ පාවිච්චි කළ යුතු වනවා.අපේ අය ගෙන්වා ගන්න ලක්ෂ ගනන් මුදල් පෙන්වන්න කියන එක නෙමෙයි කළ යුතු වන්නේ.ඒ අයව නොමිලේ ගෙන්වා ගන්න වැඩි පිළිවෙළක් වහාම සකස් කළ යුතුයි කියලා මම කියනවා.නොමිලේ ගෙන්වා ගන්න බැරි නම් දරා ගත හැකි මුදලක් ඒ වෙනුවෙන් නියම කළ යුතු වෙනවා.නමුත් රජය කරන්නේ ඒ කිසිවක් නොකර ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියනවා විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන්.අපි මේ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.අපි කියන්නේ පිට රටවල් වල හිරවෙලා දුක් විදින අපේ ජනතාව කඩිනමින් මෙරටට ගෙන්වා ගන්නා වැඩ සටහනක් රජය විසින් සකස් කළ යුතුයි කියලයි.”


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article