Saturday, January 18, 2025

”කොඩිව් එන්නත මහජනතාවට ලබා දීමේදී ප්‍රාදේශීය දේශපාලඥයින් මැදිහත්වී පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න හදනවා ”

Must read

උපුල් රෝහන - සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය. සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.
උපුල් රෝහන -සභාපති
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.

කොඩිව් එන්නත මහජනතාවට ලබා දීමේදී තාක්ෂණික කමිටුව විසින් ගන්නා තීන්දු තීරණ වලට එහා ගොස් ඇතමුන් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කිරීම තුළින් පීඩාවට පත් වන්නේ අහිංසක මහජනතාව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

අපිට ලැබෙන්නේ ඉතාමත්ම සුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයක්.එම සුළු එන්නත් ප්‍රමාණය මුලින්ම ලබා දිය යුත්තේ කාටද කියලා තීරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් පත් කර තිබෙන තාක්ෂණික කමිටුව.කොවිඩ් පැතිර යන බවට හදුනා ගෙන ඇති අවදානම් ප්‍රදේශ වල ජනතාවට තමයි මෙම එන්නත මුලින්ම ලබා දිය යුත්තේ.

නමුත් කියන්න කනගාටුයි ඇතැම් දේශපාලකයින් දැන් මේ තත්ත්වයට මැදිහත් වෙලා සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.ඇතැම් ප්‍රදේශීය දේශපාලකයින්ද කොවිඩ් එන්නත ලබා දිය යුත්තේ කාටද නැත්තේ කාටද කියලා තීන්දු තීරණ ගන්නා බවටත් අපිට තොරතුරු ලැබිලා තියනවා.ඇත්ත වශයෙන්ම දේශපාලකයින්ට එවැනි තීන්දු තීරණ ගන්න බැහැ.

ඒ අය යම් යම් තීන්දු තීරණ ගන්නේ පටු දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා.එහිදී සිද්ධ වෙන්නේ සමස්ථ ජනතාවම පීඩාවට පත් වීමයි.මෙම තත්ත්වය නිසා අපි දේශපාලකයින්ට කියන්නේ ජනතාවගේ පැත්තෙන් හිතලා කටයුතු කරන්න කියලයි. එන්නත ලබා දිය යුත්තේ කාටද යන්න තාක්ෂණික කමිටුව තීරණය කරයි.ඒ සදහා බලපෑම් කරන්න එපා කියන ඉල්ලීම නැවත නැවතත් අපි කරන්න කැමතියි.

මේ වන විට රට පුරා නැවත වතාවක් ඩෙංගු ඇතුළු බෝ වන රෝග පැතිර යාමේ අවදානමක් ඇති වී තිබෙන බවට වාර්තා වෙනවා.කොවිඩ් පාලන කටයුතු වලට යොමු වෙලා සිටින පමණින් කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බෝ වන රෝග පාලනය කිරීමේ කටයුත්ත අතහැරලා නෑ. අපේ නිලධාරීන් ඔවුන්ට හැකි සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

මෙහිදී මහජනතාවත් විශාල කාර්ය භාරයක් කළ යුතුව තිබෙනවා.පසුගිය කාලයේ නිදහසේ ගෙවල් වල ඉන්න අවස්ථාවේ තමා පදිංචි අවට ප්‍රදේශය ඉතාමත්ම පිරිසිදුව තබා ගන්න ජනතාව කටයුතු කලා.අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැවතත් ඒ ආකාරයට කටයුතු කරන්න.ඔබ පදිංචිව සිටින අවට පරිසරය නිතර පිරිසිදු කරන්න.එවිට බොහෝ බෝ වන රෝග වලින් වැළකී සිටින්න අපට හැකියාව තිබෙනවා.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article