ක්වේට් කදවුරු වල තමන්ව රදවා සිටි කාලයේ ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීමක් හැර වෙනත් කිසිදු පරීක්ෂණයකට යොමු නොකළ බව එරට සිට මෙරටට පැමිණ මේ වන විට නීරෝධායන කදවුරු වල රදවා සිටින ශ්‍රී ලංකිකයින් සදහන් කරයි.
පසුගිය 19 වැනිදා විශේෂ ගුවන් යානා දෙකකින් ක්වේට් සිටි 290 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරන ලදි.ඔවුන් මේ වන විට මින්නේරිය,ත්‍රීකුණාමළය සහ ගිරාගම නීරෝධායන මධ්‍යස්ථාන වල රදවා ඇත.මෙසේ රදවා ඇති පිරිස් අතරින් බොහෝ දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට ඔවුන් සම්බන්ධයෙන් කරන ලද ජෛව පටල සාම්පල පරීක්ෂණයකදී අනාවරනය වී ඇත.
වීසා බලපත්‍ර නොමැතිව තම රට තුළ රැදී සිටින සියළුම විදේශිකයින්ට පොදු සමා කාලයක් ලබා දීමට ක්වේට් රජය තීරණය කරන ලදි.ඒ බව පසුගිය අප්‍රියෙල් මස 21 වැනිදා නිවේදනය කරන ලදි.ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය සහිත ශ්‍රී ලාංකික ගැහැණු සහ පිරිමි අයවළුන් මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් අප්‍රියෙල් මස 22 වැනිදා එරට රජයට බාර වී ඇත.
එසේ බාර වූ පිරිමි පිරිස ක්වේට් හී “අද්දලී” යුධ හමුදා කදවුරක රදවා තැබීමට එරට රජය කටයුතු කරන ලදි.මෙම කදවුර තුළ,ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය,නේපාලය,බංගලිදේශය,ඊජිප්තුව,ඝානාව සහ පිලිපීන ජාතිකයින් 7300 ක් රදවා තිබී ඇත.ඒ අතරින් 159 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වේ.
කාන්තාවන් රදවා තිබී ඇත්තේ “පරවානියා” ප්‍රදේශයේ පාසලක් තුළය.
අද්දලී යුධ හමුදා කදවුර තුළ සිටි විදේශිකයින්ව ඒ ඒ රටවල් වල තානාපති කාර්යාල නිලධාරීන් විසින් බාර ගැනීමෙන් අනතුරුව ඉතිරි වූ ශ්‍රී ලංකිකයින්ව “රුමතියා” නගරයේ පාසලක් තුළ රදවා තැබීමට ක්වේට් රජය කටයුතු කර ඇත.
කදවුරු වල රදවා තිබූ කාලයේ තමන්ගේ උණ බැලීම සහ ලේ පරීක්ෂා කිරීම හැර වෙනත් කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බව මෙරටට පැමිණ නීරෝධායන කදවුරු වල රදවා සිටින ශ්‍රී ලංකිකයින් සදහන් කරයි.යම් ආකාරයකට කදවුරු වල රැදී සිටි සියළුම දෙනා විධිමත් පරීක්ෂණයක් සදහා යොමු කළේ නම් කොරෝනා ආසාධිතයින් එරටදීම හදුනා ගැනීමට තිබූ බවද ඔවුන් කියා සිටී.
තවත් තමන් රැදී සිටි කදවුරු වල නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ බවත්,මෙම තත්ත්වයද ශ්‍රී ලංකිකයින්ට කොරෝනා රෝගය වැළදීමට හේතුව වන්නට ඇති බවද නීරෝධායන කදවුරු වල සිටින ශ්‍රී ලාංකිකයින් කියා සිටී.
නමුත් මෙරටට පැමිණ නීරෝධායන කදවුරු වල රදවා තැබීමෙන් අනතුරුව සියළුම දෙනාව විටින් විට විවිධ පරීක්ෂණ වලට භාජනය කරන බවත්,මෙම තත්ත්වය නිසා ක්වේට් සිට පැමිණි බොහෝ දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගැනීමට හැකි වූ බවද ඔවුන් සදහන් කරයි.යම් ආකාරයකට දිවයිනට පැමිණීට නොහැකි වූයේ නම් තමන්ට කොරෝනා රෝගය හේතුවෙන් ක්වේට් රටේදීම මිය යාමට පවා ඉඩ තිබූ බවද මෙරට නීරෝධායන කදවුරු වල සිටින පිරිස් කියා සිටී.
ජූඩ් සමන්ත