බහු සංස්කෘතික සමාජයකින් සැදුම්ලත් නේපාලයේ ජීවත්වන සුළුතර කණ්ඩායම් – දලිත්වරුන් මෙන්ම පහත් කුළ වලට අයත් පුද්ගලයන් අය ලෙස හැඳින්වේ. සමාජය ඔවුන්ව ස්පර්ශ නොකරයි. දලිත් ජන වර්ගය පිළිබඳ වෛරී කතා පැතිරවීමේ සිට අපයෝජන , ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් දක්වා මෙම ප්රඩන්ඩත්වය වර්ධනය වේ.
පසුගිය මැයි මැයි 24 වන දින, දකුණු නේපාලයේ ජජාර්කෝට් දිස්ත්‍රික්කයේ, බෙරී ගං ඉවුරේ දී, නවරාජ් බිශ්වරකරාම (බී.කේ) සහ ටිකා රාම් සුනාර් යන දෙදෙනා මියගොස් සිටියහ. ගනේෂ් බුඩා, සන්දීප් බී.කේ සහ ලොකේන්ද්ර සුනාර්ගේ තවත් මළ සිරුරු තුනක් පසුව සොයා ගත් අතර තවත් තරුණයෙකු වන ගෝවින්ද ෂාහි තවමත් අතුරුදහන්ව සිටී. ඔවුන්ගේ ඛේදනීය මරණයට ප්‍රධාන හේතුව අන්තර් කුල ප්‍රේම සම්බන්ධතාවයක් ලෙස සැලකේ.
ආදර කතාවේ දුක්බර අවසානය
ජජාර්කෝට්හි විසූ 21 හැවිරිදි නවරාජ් උපත ලැබුවේ දලිත් පවුලක ය. ක්‍රීඩා කිරීමට ප්‍රිය කළ ඔහු පොලිස් බලකායට බැදීමට ආශාවෙන් සිටියේය.
ඉහළ කුලයක 17 හැවිරිදි දැරියක වන සුෂ්මා මල්ලා සමඟ ආදරයෙන් බැඳී සිටිි නවරාජ්ට සහ ඔහුුුුගේ පවුලේේ අයට ඇයගෙන් ඇත්්ව්ව සිටින ලෙස ඇගවීම් ලැබුණු අතර, එක් අවස්ථාවකදී ඔහු පිළිබදව පොලීසියටද පැමිනිලිි තිබුණි.
සුෂ්මාගේ පවුලේ අයට ඇයගේ කුලයට අයත් කෙනෙකු සමඟ ඇයව විවාහ කර ගැනීමට අවශ්‍ය වූ අතර, එසේ කිරීමට පෙර ඇයව බේරා ගන්නා ලෙස ඇය නවරාජ්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. මැයි 23 වන දින රාත්‍රියේ නවරාජ් – මිතුරන් 18 දෙනෙකු සමඟ – රුකුම් දිස්ත්‍රික්කයේ සුෂ්මාගේ සොටි නම් ගම්මානය බලා පිටත් විය. ඔවුන් පැමිණි පසු ඔවුන් ලුහුබැඳ, ගල් ගසා පහර දෙන ලදී. තමන්ව බේරා ගැනීමේ උත්සාහයකදී, ඔවුන්ගෙන් සමහරක් අසල ගඟට පැන යාමට සමත් වූ නමුත් නවරාජ් සහ ඔහුගේ මිතුරන් පස්දෙනා වැටීමෙන් බේරුණේ නැත. මේ වන විට මළ සිරුරු 5 ක් සොයාගෙන ඇති අතර, එක් අයෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර කණ්ඩායමේ සෙසු සාමාජිකයින් පොලීසියට භාර දී පසුව නිදහස් කර තිබේ.
දිවි ගලවා ගත් එක් අයෙක් මාධ්‍යයට පැවසු සත්‍යය.
නවරාජ්ට පිිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇත. ඔහුගේ හිස ඇතුළු ඔහුගේ ශරීර කොටස් සියල්ලම බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ඔහුට ගමන් කිරීමට නොහැකි වී ඇත. පසුව ඔහුව ගඟට විසි කරන ලදී, ඔහුට පිහිනීමට පවා නොහැකි වීමෙන් දිවි ගලා ගැනීමට නොලැබුණි. මෙම සිදුවීමෙන් පසු පොලීසිය විසින් සුෂ්මමා ගේ පියා සහ සිද්ධිය සම්බන්ධ වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී.
නවරාජ් ඇතුළු පස්දෙනාගේ ඝාතන වලට ඒරෙහිව විරෝධතා දියත්වූ අතර විරෝධතාකරුවන් පවසන්නේ නේපාලයේ පවතින කුල භේදය හේතුකොට සිදුවන අපරාධ ඒරට තුළ දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිත වී ඇති බවයි. මෙම තත්ත්වය වැලැක්වීමට නව නීති පැනවිය යුතු බව ඔවුන් අවධාරණය කරති.
නවරාජ් ඇතුළු පිරිස ඝාතනය වූ පසු විවිධ මානව හිමිකම් සංවිධාන , දලිත් නායකයන් විසින් මෙම සිදුවීම සම්බන්ධව සාධාරණය ඉටුකරන ලෙස රජයට බලකරමින් සිටී.
www.globalvoices.org