රාත්‍රි ක්‍රිකට් තරගයක ක්‍රීඩා කරමින් සිටියදී ඇති වූ හදිසියේ රෝගී තත්වයක් මත සදලංකාව දිසා රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු අද අඵයම් කාලයේදී ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ එන්. ඩබ්ලිව්. කුෂාන්ත ලීලාරත්න නැමැති කුලියාපිටිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ මාකදුර පශු සම්පත්, ධීවර හා පෝෂණ අධ්‍යන පීඨයෙහි ඉගෙනුම ලබමින් සිටි 26 හැවිරිදි සිසුවෙකි. මියගොස් සිටින සිසුවා බලපිටිය, අභිනවාරාම පාරේ පදිංචිකරුවෙකි.
මාකදුර පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ පැවැති ක්‍රිකට් තරගයකට සහභාගී වෙමින් සිටි මෙම සිසුවා එම තරගය අතරතුරදී යම් ශාරීරික අපහසුතාවයකින් පෙළෙන බව පෙන්වීම නිසා අනෙක් සිසුන් විසින් ඔහුව සදලංකාව දිසා රෝහල වෙත ගෙනැවිත් තිබේ. සිසුවාගේ තත්වය බරපතලවීම නිසා එම රෝහලෙන් ඔහුව කුලියාපිටිය මූලික රෝහල වෙත මාරුකර එවා ඇති අතර ඒ එන අතරමගදී සිසුවා ජීවිතක්ෂයට පත් වී තිබේ.
මියගිය සිසුවාගේ මෘතශරීරය කුලියාපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පන්නල පොලිසිය මෙම මරණය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.