2020 වසරේ ජූලි 14 වනදා ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රා්රයා නි යෝග කරන ලදී . ඉන්පපසුව රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩලපයට කළ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද විත්කිරුවන්ට නියම කළේය.
මෙම සිදුවීමට අදාළව නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනා වරදකරුවන් වීමට පෙර සිදුකරන ලද නඩු කටයුතු වෙනුවෙන් ගෙවන ලද නීතිඥ ගාස්තුව කුරුණෑගල නගර සභාව ගෙවා ඇති අතර ඒම මුදල රුපියල් ලක්ෂ 116ක් බව අනාවරණය වී ඇත. ඒමෙන්ම නීති ප්‍රකාරව නගරාධිපතිවරයා විසින් සිදුකළ මෙම වරදට වැරදිකරුවූ පසු ඒම මුදල නැවත නගර සභාවට ගෙවිය යුතුව වුවත් ඒය ඒසේ සිදුවී නැති බවත් කුරුණෑගල මේ වනවිට හෙළදරව් වී තිබේ. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට ලිපියක් පළකරමින් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක හෙළිදරව්වක් මාධ්‍යවේදී චාන්දනී දිසානායක විසින් සිදුකර තිබේ.