Saturday, January 18, 2025

කුරුණෑගල මහනගර සභා වෙළද සංකීර්ණයට බෝට්ටු සේවාවක් අවශ්‍ය කර තිබේ !

Must read

කුරුණෑගල මහනගර සභාවට අයත් ඇම්රිච් ප්ලාසා වෙළද සංකීර්ණයට පිවිසීම වැසි දිනවලදී මහත් දුෂ්කර කටයුත්තක් වී ඇති බව එහි ව්‍යාපාර කටයුතුවල යෙදෙන ව්‍යාපාරිකයෝ මැසිවිලි නගති.

ඉතා කුඩා වර්ෂාවකදී පවා එහි පිවිසුම වතුරෙන් යටවීම මෙම තත්වයට හේතු වී තිබේ.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි උමං මාර්ගයට යාබදව පිහිටා ඇති මෙම පිවිසුම් මාර්ගය වළක ස්වභාවයකින් පිහිටාතිබීමත්, එහි එකතුවන ජලය බැස යාමට ක්‍රමවේදයක් සකස් කර නොතිබීමත් හේතුවෙන්  සුලු වර්ෂාවදී පවා  ටැංකියකට මෙන් එහි  ජලය එකතුවන බවද ව්‍යාපාරිකයෝ කියති. මේ හේතුවෙන් මහනගර සභා වෙළද සංකීර්ණයට පිවිසෙන ජනතාවට එක්කෝ ජලයට බැස ඇවිද ඒමට හෝ එසේත් නැත්නම් ඒ මතින් පැන පැන අවදානම් ගමනක යෙදීමට සිදු  වී ඇති බවද ඔවුහු කියති.

මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් වැසි කාලයන්වලදී  කුරුණෑගල නගර සභා වෙළද සංකීර්ණය වෙත පිවිසීම සදහා  බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවද ව්‍යාපාරික ප්‍රජාව කියති.

shopping_complex_4 shopping_complex_2 shopping_complex_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article