Saturday, January 18, 2025

කුරුණෑගල පුංචි මන්ත්‍රීවරුයි, මහින්දයි වාරියපොළදී රහස් හමුවක. අද ‘වයඹ අඵ යට ගිනි’ !

Must read


59365(5)alu_yata_gini_nov11D

උපාධිධාරීන් ගේට්ටු කඩද්දීත් පොලිසිය අත් බැද ගනී.

වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පසුගිය බදාදා වයඹ පළාත් සභා සංකීර්ණය තුළට කඩාවැදීමේ සිදුවීම පළාත් සභාව තුළ මහා කලබගෑනියක් ඇතිකරන්නට සමත් වූ අතර පළාත් සභාවේ යාම් ඊම් කටයුතු පවා අඩපණ කරමින් පැය දෙකකට අධික කාලයක් පළාත් සභාව තම ග‍්‍රහණයේ තබාගන්නට ආක‍්‍රමණික උපාධිධාරීහු සමත්වූහ. පළාත් සභා සංකීර්ණයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටට වී විරෝධතා වැකි කියමින් සිටි උපාධිධාරීහු කිසිවෙකුත් නොසිතූ මොහොතක පළාත් සභාවේ ප‍්‍රධාන ගේට්ටුව තල්ලූ කරගෙන පළාත් සභා සංකීර්ණයට කඩාවැදුණහ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මීට පෙර අවස්ථාවන්වලදී මෙවැනි අනවසර කඩාවැදීම්වලට එරෙහිව පවුරක් සේ නැගී සිටින පොලිසිය පසුගිය බදාදා ආරක්ෂාකාරී සහ සන්සුන් පිළිවෙතක් අනුගමනය කිරීමයි. කොළඹදී උසස් තාක්ෂණ සිසු උද්ඝෝෂණයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට එල්ල වූ ලෝක අපවාදය නිසාදෝ එදින වයඹ පළාත් සභාව ඉදිරිපිට අරගල කළ උපාධිධාරීන්ට පොලිසියෙන් දැඩි බලපෑමක් එල්ල නොවූ තරමය. උපාධිධාරින්ගේ උද්ඝෝෂණ මැඩලන්නට මින් පෙර වයඹ පළාත් සභාව ඉදිරිපිටට කැරළි මර්දන හමුදාව පවා ගෙන්වා ඇති පොලිසිය එදින පළාත් සභාවට පැමිණ සිටියේ සුපුරුදු බැටන් පොල්ල පවා පොලිසියේ තිබියදීය. එමෙන්ම වෙනදාට උසස් පොලිස් නිලධාරීයෙකුගේ නායකත්වයෙන් සහ කාන්තා නිලධාරිනියන්ගෙන්ද සමන්විත පොලිස් හමුදාවක්ම පළාත් සභාව ඉදිරිපිටට කැදවීම සාමාන්‍ය සිරිත වුවත් එදින නම් පළාත් සභාවට පැමිණ සිටියේ දහයකටත් අඩු නිලධාරීන් පිරිසක් පමණකි. ඒ නිසාම බොහෝ පොලිසියෙන් එල්ල වූ අවම බාධාකිරීම් මධ්‍යයේ ගේට්ටුව පහසුවෙන් දෙපඵ කරගෙන පළාත් සභාව ආක‍්‍රමණය කළ උපාධිධාරීහු එහි ප‍්‍රධාන පිවිසුම් මාර්ගය අවුරාගෙන බිම වාඩි වූයේ තමන්ට වගකිව යුතු ඇමැතිවරයෙකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් අවශ්‍ය බව කියමිනි. පාසැලක විවෘතකිරීමේ උත්සවයකට ගොස් සිටි ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ පළාත් සභාවට ඇතුඵ වෙන්නට ආවේ මේ වෙලාවේදීය. උපාධිධාරීන් පළාත් සභාවේ පිවිසුම් මාර්ගය අවුරාගෙන සිටිනු දුර තියාම දුටු සන්ධ්‍ය සිය නිල රථය ගේට්ටුව ළග නතර කර ඉන් බැසගත්තේය. උපාධිධාරීන්ගේ වාඩි වී සිටි ස්ථානය පිටුපසින්ම ඇමැති සන්ධ්‍ය හීන්සීරුවේම පළාත් සභා සංකීර්ණයට ඇතුඵ වූ නමුත් පුදුමයකට මෙන් මෙන්, වගකිවයුත්තෙක් සමග සාකච්ඡාවක් ඉල්ලා පෙරළිකරමින් සිටි උපාධිධාරීන්ගෙන් කිසිදු බාධාවක් හෝ විරෝධයක් සන්ධ්‍යට එල්ල නොවීය. ටික වේලාවක් ගතවෙද්දී ප‍්‍රධාන අමාත්‍යංශය පැත්තෙන් උද්ඝෝෂකයින් වෙත සාම දූතයෙකු එවා තිබූ අර සාම දූත රාජකාරියේ වගකීම භාරගෙන තිබුණේ වයඹ ප‍්‍රධාන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් එමල් ප‍්‍රියන්ත විසිනි. සාම දූත රාජකාරිය කරන්නට ආ නමුත් උපාධිධාරීන් සමග උණුසුම් වචන හරඹයක යෙදෙන්නටත් එමල්ට සිදු විය. ඒ උණුසුම මැද්දේම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් දසදෙනෙකුට ප‍්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡාකිරීමට අවස්ථාවක් ලබාදිය හැකි බව පවසා උද්ඝෝෂකයින් සමග එකගත්වයකට පැමිණීමට අවසානයේදී එමල් සමත්විය.

උපාධිධාරීන්ට එමල්ගෙන් ස්වෝත්සාහය ගැන දේශනයක් !

එම එකගතාවයට අනුව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ ඇතුඵ තවත් රැකියා විරහිත උපාධිධාරීන් දසදෙනෙකු වයඹ ප‍්‍රධාන අමාත්‍යංශ සාකච්ඡා කාමරය වෙත කැදවාගෙන ආ එමල් ඔවුන් එහි වාඩිකරවූයේය. අනතුරුව උපාධිධාරීන් ඉදිරිපිට සිටි ගත් එමල් අතීතාවර්ජනයක් ආරම්භ කළේය. ” මල්ලි, මමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙක්. මමත් ඔයාලා වගේම ඔය විදිහටප පාරේ සටන් කරලා තියෙනවා. කැම්පස් එකෙන් අවුට් වුණාට මටත් රස්සාවක් තිබුණේ නෑ. නමුත් එහෙමයි කියලා මම නිකම් හිටියෙත් නෑ. මම මට පුඵවන් දෙයක් කරන්න පටන් ගත්තා. ඔයාලා හොයලා බලන්න , අද පඩුවස්නුවර ටවුන් එකේ තියෙන ලොකුම හාඞ්වෙයාර් එක මගේ. සිමෙන්ති කොට්ටේ කොට්ටේ විකුණලා තමයි ඔය තත්වයට ගෙනාවේ. ව්‍යාපාර දියුණු වුණාට පස්සේ තමයි මම දේශපාලනයට ආවේ. ” එමල් උපාධිධාරීන් තමා ඉදිරිපිට වාඩිකරවාගෙන සිය ජීවිත අත්දැකීම් දිගහරින්නට විය. මහ ඇමැති ධර්මසිරි දසනායක සාකච්ඡා කාමරයට ඇතුඵ වූයේ එමල් විසින් උපාධිධාරීන්ට ස්වෝත්සාහය ගැන මෙලෙස දේශනාවක් පවත්වමින් සිටියදීය. ධර්මසිරි සමග පැමිණි ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න සහ වයඹ පළාත් සභාවේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක්ද සාකච්ඡාවට වාඩි වූ අතර අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ සාකච්ඡාවට වාඩි වූයේ එය ආරම්භ කර සැලකිය යුතු වේලාවක් ගෙවී ගිය පසුවය. සාකච්ඡාවට වාඩි වූ මහඇමැති ධර්මසිරිට උපාධිධාරීන් කඵ පැහැති ඇදුම් හැදගෙන , ඔලූවේ කඵ පටි බැදගෙන සිටීම පිළිබදව සාකච්ඡාව ආරම්භයේදීම ප‍්‍රශ්නයක් මතු වී තිබිණි. ධර්මසිරි ඒ පිළිබදව කතා කළේ අප‍්‍රසාදයෙන් යුතුවය. ”මොනවද ඔයාලා මේ ඇදගෙන ඉන්නේ. මේක රාජ්‍ය ආයතනයතක්. මේ වගේ තැනකට එද්දී වැදගත් විදිහට ඇදගෙන එන්න. ඔයාලා උපාධිධාරීන් නේද ? ඔයාලට විරෝධයක් දක්වන්න තියෙනවා නම් අතක පටියක් වගේ දෙයක් බැදගෙන ආවාට කමක් නෑ. නමුත් ඔය විදිහේ කලූ පාට ඇදුම් ඇදගෙන මෙතැනට එන එක ගැලපෙන්නේ නෑ. ” ධර්මසිරි කීය. ” අපිට තියෙන්නේ මේ ඇදුම විතර නම් මොකද කරන්නේ මහඇමැතිතුමා? ” ධර්මසිරිගේ විවේචනය නොරිස්සූ උපාධිධාරිනියක් කීවාය. උපාධිධාරිනියගේ එම ප‍්‍රතිචාරයට ධර්මසිරිට යකා නැංගේය. ” ඕක විතරමද ඔයාට තියෙන ඇදුම. අනේ නිකම් යන්න ළමයෝ. ” යැයි ධර්මසිරි කීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් අදහස් හුවමාරුවෙන්නට වූ අතර එයද සමනය කරන්නට මැදිහත් වෙන්නට සිදුවූයේද එමල්ටමය. ඒ අයුරින් ආරම්භයේදීම රත් වී ගිය මෙම සාකච්ඡාව පුරාම උණුසුම් අදහස් උදහස් දෙපැත්තට හුවමාරු වෙද්දී උපාධිධාරීන් ඉල්ලා සිටියේ පළාත් සභා පාසල් තුළ පවතින ගුරු පුරප්පාඩු සදහා තමන් බදවා ගන්නා ලෙසය. නමුත් පළාත් සභාව නියෝජනය කළ මහ ඇමැති ධර්මසිරි ඇතුලූ පාර්ශ්වයෙන් කියැවුණේ එලෙස අලූතින් ගුරුවරු බදවා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් පළාත් සභාවට වෙන් කර නැති බවකි. එමෙන්ම අදාළ ගුරු පුරප්පාඩුවලින් වැඩි ප‍්‍රමාණයක් පවතින්නේ විද්‍යා විෂයන්වලට බැවින් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන කලා උපාධිධාරීන්ගෙන් එම පුරප්පාඩු පිරවිය නොහැකි බවට වැඩිදුරටත් පළාත් සභාව පැත්තෙන් කියැවිණි.

ධර්මසිරිගේ තේ කෝප්පයත් උපාධිධාරීහු එපා කියති.

තේ බන්දේසියක් රැගත් ප‍්‍රධාන අමාත්‍යංශ සේවකයින් දෙදෙනෙකු ප‍්‍රධාන අමාත්‍යංශ සාකච්ඡා කාමරයට ඇතුඵ වූයේ මෙලෙස උණුසුම් වාද විවාද සාකච්ඡා කාමරය පුරා රැව්දෙමින් තිබියදීය. සේවකයින් විසින් පළමුව මැති ඇමැතිවරුන්ටත් , දෙවැනුව නිලධාරීන්ටත් තේ පිළිගන්වා අනතුරුව සාකච්ඡාවට වාඩි වී සිටි උපාධිධාරීන්ටද තේ පිළිගන්වන්නට වූහ. නමුත් උපාධිධාරීන් එම පළාත් සභාවෙන් ලැබුණු එම තේ කෝප්පය පවා පිළිගැනීමට සූදානම් වූ බවක් නොපෙනිණි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ, සේවකයින් විසින් තමා ඉදිරිපිට තේ කෝප්පය තබද්දී පොල්ලෙන් ගහන්නා මෙන් එය ප‍්‍රතික්ෂේප කළේය. ”අපිට තේ එපා. තේ බොන්න නෙවෙයි අපි මෙතැනට ආවේ. ඕවා අරන් යන්න.” ධම්මික කීය. ”මහඇමැතිතුමා තමයි ඔයාලට තේ දෙන්න කිව්වේ. අපේ රාජකාරිය නොකළොත් බැණුම් අහන්න වෙන්නේ අපිටමයි .” යැයි කුටු කුටු බසින් කී සේවකයෝ ධම්මික මෙන්ම සෙසු උපාධිධාරීන් ඉදිරිපිටද තේ කෝප්ප තැබූහ. නමුත් කෝප්පවලට දමා තිබූ තේ ටික සෙමින් සෙමින් සීතල වී ගියා මිස සාකච්ඡාවෙන් නැ`ගිටින තුරුම කිසිදු උපාධිධාරියෙකු ඒ එක තේ කෝප්පයකටවත් අත නොතැබූහ. තේ පැන් සීතලවීගෙන ගිය නමුත් මොහොතින් මොහොත උණුසුම් වූ සාකච්ඡාව පැය එක හමාරකට ආසන්න කාලයක් ඇදී ගියද , ස්ථීර විසදුමකට එන්නට දෙපාර්ශ්වයම අපොහොසත් වූ බැවින් අවසානයේදී සිය අසුන්වලින් නැගී සිටි උපාධිධාරීහු ප‍්‍රධාන අමාත්‍යංශ සාකච්ඡා කාමරයෙන් පිටවීයාමත් සමග සාකච්ඡාවටද නැවතීමේ තිත වැටිණි.

ලියුම්කරුගේ මතකයේ හැටියට මෙය ධර්මසිරි ප‍්‍රධාන අමාත්‍යවරයා බවට පත්වීමෙන් අනතුරුව රැකියා විරහිත උපාධිධාරීන් සමග කළ පළමු සාකච්ඡාව මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙස ධම්මික මුණසිංහද වයඹ මහඇමැතිවරයෙකු සමග මුහුණට මුහුණ සාකච්ඡා කළ පළමු අවස්ථාවද විය. ධර්මසිරිට පෙර තනතුරු හෙබ වූ වයඹ මහ ඇමැතිවරුන්ගේ කාලවකානුවලදී පළාත් සභාව ඉඉදිරිපිට උද්ඝෝෂණය කළ උපාධිධාරීන් රැස්වීම් කාමරයේ අසුන්ගන්වා, තේ පැන් පිළිගන්වා සාකච්ඡා කිරීමේ පිළිවෙතක් දැක ගත නොහැකි වූ අතර විශේෂයෙන්ම අතුල විජේසිංහ මහ ඇමැති පදවිය ඉසිලූ සමයේදී උපාධිධාරීන් පිළිබදව අනුගමනය කලේ දැඩි පිළිවෙතකි. දියව්, පලයව් යැයි කියමින් කෑ ගසන අයව කිසිදාක රැකියාවකට බදවා නොගන්නා බවට ප‍්‍රසිද්ධියේම කී අතුල එලෙස විරෝධතා දැක් වූ උපාධිධාරීන් පිළිබදව දැඩි එහෙත් සෘජු පිළිවෙතක් අනුගමන කළේය. අතුලගේ කාලයේ සාකච්ඡා සදහා කැදවෙන රැකියා විරහිත උපාධිධාරීන්ගේ නියෝජිතයින් බොහෝ දෙනෙකු පළාත් සභාවෙන් එළියට පැමිණියේ මුහුණවල් රතු කරගෙනය. කියන්නට ඇති දෙය කෙටියෙන් සහ කෙලින්ම කීමට පුරුදුව සිටි අතුල උපාධිධාරීන්ට රැකියා දිය හැකි තත්වයක් නොතිබුනේ නම් ඒ බව උපාධිධාරීන්ට සෘජුවම කියන්නට එකල වගබලා ගත්තේය. අතුල වැඩ කටයුතු කළ ස්වභාවය එය වූ බැවින් එය එකළ පැවැති පළාත් සභාවටද මෙය අමුත්තක් නොවීය. පසුගිය බදාදා සාකච්ඡා කාමරයට කැදවා , තමන් වෙත උණුසුම් තේ කෝප්ප පිළිගැන්වුණේ එහෙව් අතීතයක් පැවැති පළාත් සභාවකින් බව උපාධිධාරීන් විසින් අවබෝධ කරගෙන සිටි බවක් නොපෙණෙනි. එබැවින් ප‍්‍රතිඵලය කෙසේවෙතත් අලූත් මහ ඇමැතිවරයෙකු ලෙස ධර්මසිරි විසින් රැකියා විරහිත උපාධිධාරීන් වෙත පෙන්වූ මිත‍්‍රශීලි මුහුණුවර එම උපාධිධාරී තරුණ තරුණියන් විසින් කෙතරම්දුරට සාධනීය ලෙස පිළිගත්තේදැයි සාකච්ඡාව අවසානයේ මතුවූයේ ගැටඵවකි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අවසන් වන විට දවසේ වීරයා බවට පත්වන්නට ප‍්‍රධාන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් එමල් ප‍්‍රියන්ත සමත් වී තිබිණි. එමල් විසින් උපාධිධාරීන්ගේ ගැටඵවට විසදුමක් ලබාදීම සදහා සාධාරණ සහ අවංක උත්සාහයක යෙදුණු බවක් මෙම සිදුවීම පුරාම දැකගත හැකි විය. දෙපාර්ශ්වයේම හිත් නොරිදවා මෙම ගැටඵව සාමකාමීව විසදාදීම පිණිස පැය කිහිපයක් තිස්සේ එමල් ගත් මහන්සිය වතුරේ ගිය නමුත් එමල් විසින් මෙම සිදුවීම පුරා පෙන් වූ පරිණත බව, මහඇමැති තනතුර කෙරෙහි ඇති කෝඩුකාරකම් යම් යම් අවස්ථාවන්වලදී තවමත් ප‍්‍රදර්ශණය කරමින් සිටින මහඇමැති ධර්මසිරිට එමිල්ගේ වැන්නෙකුගේ සේවය වඩාත් සමීපව අවශ්‍ය බව හොදහැටි තහවුරු කළේය.

ජොනීටයි, සාලින්දටයි විමල්ගෙන් සහතිකයක්

පසුගිය 10 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායකගේ කුරුණෑගල , වැවරවුම පාරේ පිහිටි නිවසේදී වැඩි ප‍්‍රසිද්ධියක් නොලැබුණු සාකච්ඡාවක් පැවැත්විණි. හිටපු ජනපති මහින්දගේ උපන්දිනය වෙනුවෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම සදහා සාලින්දගේ සමීප හිතවතුන් පිරිසක් මෙම සාකච්ඡාවට කැදවා තිබූ නමුත් අදාළ සාකච්ඡාවට මහින්දත් සහභාගි වන බවට රාවයක් පැතිරී තිබීම නිසා ආරාධනා කළ පිරිසට වඩා වැඩි පිරිසක් එදින පස්වරුව වන විට සාලින්දගේ නිවසට රොද බැද සිටියහ. නමුත් එම ආරංචිය හුදු කටකතාවක් බවට පත්කරවමින් මහින්ද එම සාකච්ඡාවට සහභාගි නොවූ අතර විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කුමාර වෙල්ගම සාලින්දගේ ඇරයුම පිළිගෙන සාකච්ඡාව සදහා කොළඹ සිට පැමිණ සිටියහ. ඊට අමතරව තවත් සුවිශේෂි අමුත්තෙක්ද සාලින්දගේ නිවසට පැමිණි සිටියේය. ඒ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුය. දේශපාලන සතුරුකම් මෙන්ම මිතුරුකම්ද සදාකාලික නැති බව කියමින් මීට මාස කිහිපයකට ඉහතදී සාලින්ද විසින් මන්ත‍්‍රී ජොන්ස්ටන්ගේ නිවසට පා තැබුවා සේම මන්ත‍්‍රී ජොන්ස්ටන්ද එදින සාලින්දගේ නිවසට පා තබා තිබිණි. සාකච්ඡාව සදහා ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යූ. කේ. සුමිත්, පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් විජේනායක, මහව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ මැදගෙදර ඇතුලූ ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත‍්‍රීවරු පිරිසක්ද එක් වී සිටියහ. වයඹ පළාත් සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපපොළක්ද සාකච්ඡාව සදහා සාලින්දගෙන් ඇරයුම් ලබා තිබූ නමුත් ඊට සහභාගී වී සිටියේ කුමාර කීර්ති චන්ද්‍රසිරි සහ නිමල් කරුණාතිලක යන පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙපළ පමණි. බණ්ඩාර රාජපක්ෂ සහ ආනන්ද චන්ද්‍රලාල් හදිසියේ අසනීපවීම නිසා සාකච්ඡාවට පැමිණිය නොහැකි බව දන්වා සාලින්දට පණිවිඩ එවා තිබිණි. මහින්දගේ උපන්දින වැඩසටහන පිළිබදව සාකච්ඡා කිරීමට කැදවා තිබූ සාකච්ඡාව අවසානයේදී දේශපාලන සාකච්ඡාවක් බවට හැරීමට ගතවූයේ නිමේෂයකි . සාකච්ඡාව ආරම්භයේදීම කුමාර වෙල්ගම රැස් වී සිටි පිරිස ඇමැතූවේය.” තාමත් අපේ හිටපු ජනාධිපතිතුමාට ගම්වල මිනිස්සු ආදරෙයි. විශේෂයෙන්ම කාන්තාවෝ. කොහොමත් ඉතින් උස මහත පිරිමින්ට කාන්තාවෝ වැඩිපුර කැමතියිනේ. පේන්නේ නැද්ද මේ මටත් ඉතිං වෙලා තියෙන්නේ ඒකනේ ”. යැයි වෙල්ගම එහිදී කීවේ සිය කාන්තා රුචිකත්වය යළිත් වරක් එළිපිට පෙන්වමිනි. අනතුරුව පිරිස ඇමැතූ විමල් යහපාලන ආණ්ඩුව මෙන්ම යහපාලනයට එක් වී ඇමැතිකම් ලැබූ ටී. බී. ඒකනායකද හොද හැටි විචේචනය කළේය. ”එක එක ගන්ධබ්බයෝ ඇමැතිකම් බලාගෙන පිල්මාරු කළාට සාලින්දයි, ජොනියි කවදාවත් පිල්මාරුකරන්නේ නෑ කියන එක අපිට විශ්වාසයි.” යැයි විමල් කීවේ කලක් මහින්ද කදවුරේ ඉදිරිපෙළ සෙන්පතියෙකුවද සිටි ඉඩම් ඇමැති ටී. බී . ඒකනායකගේ සුප‍්‍රසිද්ධ ගන්ධබ්බ කතාවද සිහිපත් රැස්ව සිටි පිරිසට සිහිපත් කරවමිනි.

ඩී. බී.ගේ ගෙදර මහින්ද රහස් සාකච්ඡාවක.

සාලින්දගේ නිවසේ සාකච්ඡාවට නොපැමිණි නමුත් හිටපු ජනපති මහින්ද පසුගිය සිකුරාදා වාරියපොළට ආවේය. ඒ එදින වාරියපොළ විසුද්ධාරාම විහාරස්ථානයේ පැවැති කඨින පින්කමට සහභාගිවීමටය. පින්කමේ කටයුතුවලට සහභාගි වූ මහින්ද රැස්ව සිටි පිරිස අමතා වචන කිහිපයක් කතාකරන්නටද අමතක නොකළේය. පින්කමේ වැඩ නිමවීමෙන් පසුව සාලින්ද මහින්ද ළගට කිට්ටු කළේය. ” සර්, අපේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට සර්ත් එක්ක ටිකක් කතාකරන්න ඕනෑ කියනවා.” සාලින්ද කීය. ”කතාකරමු. නමුත් මේ පන්සලේ ඉදගෙන අපිට දේශපාලනය කතාකරන්න බෑනේ. කොහේටද අපි යන්නේ ?” මහින්ද ඇසීය. ඒ වන විට මහින්ද සිටි තැනට ළගින්ම පිහිටි සහ ආරක්ෂාකාරීම ස්ථානය වූ පළාත් සභා මන්ත‍්‍රී ඩී. බී. හේරත්ගේ එළවිටිගම පිහිටි නිවසේදී අදාළ සාකච්ඡාව පවත්වන්නට තීන්දු කෙරුණු අතර ඒ අනුව මහින්ද සිය වාහනයට නැගී ඩී. බී. ගේ නිවස බලා පිටත්විය. සාලින්දගේ දැනුම්දීම පරිදි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසද ඔවුන් පැමිණි වාහනවලට නැගී මහින්දගේ පසුපස වැටුණහ. ඞී. බී. ගේ නිවසේදී මහින්ද සමග සාකච්ඡාවට වාඩි වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගෙන් නැගුණු සුපුරුදු මැසිවිල්ල වූයේ ජනපති මෛත‍්‍රිගේ නායකත්වය යටතේ තමන්ට ඉදිරි මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන්නට බැරි බවය. එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයවීම සදහා මහින්දට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය නොලැබෙන්නේ නම් වෙනම පක්ෂයක් හදාගෙන තරග කළ යුතු බවටද ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් මහින්දට එහිදී යෝජනා කළහ. ” නෑ. මම නම් ඒකට කැමැති නෑ. වෙනත් පක්ෂයකින් තරග කරන්න මට බැහැ. මොකද මම තාමත් ශ‍්‍රී ලංකා කාරයෙක්. එහෙම වුනොත් වෙන්නේ අපේ පක්ෂය දෙකඩ වෙන එකයි. මම ඇත්තටම කැමැතියි මේ ඉස්සරහට එන ඡන්දේ මෛත‍්‍රී නායකත්වය අරන් කරනවා නම්. මොකද මම පහුගිය මැතිවරණය කළානේ. මම කියන්නේ ඒ අවස්ථාව මෛත‍්‍රීටත් ලැබිය යුතුයි කියලයි. ” මහින්ද කීය.alu_yata_gini_nov_19b

උපුටාගැනීම – මව්බිම පුවත්පත , නොවැම්බර් 19 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article