Saturday, January 18, 2025

කුරුණෑගල නගරය මැද නිවසක උමගක් හාරා නිදන් සොයලා !

Must read

 

kurunegala_nidan

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි වජිරඥාන මාවතේ ඇති දෙමහල් නිවසක් තුළ අනවසර කැණීමක් සිදුකරමින් සිටි පිරිසක් කුරුණෑගල දිසා දූෂණ විමර්ශණ ඒකකය මගින් පසුගිය 31 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම දෙමහල් නිවසේ මුලුතැන්ගෙයට යාබදව පොලව අඩි 20 ක් පමණ යටට හාරා, එහි තිබූ විශාල පස් ප්‍රමාණයක් ඉවත්කර ඇති ආකාරය එහි ගිය වයඹ ටුඩේ කණ්ඩායමට දැකගත හැකිවිය. පොළව අභ්‍යන්තරය තුළ ඉදිරියට ගමන් කළ හැකි වන අයුරින් අඩි ගණනාවක් දිගැති දෝනාවක් ද මෙම පිරිස විසින් සකස් කර තිබූ බව පොලිසිය කියයි. මෙම පිරිස මාස කීපයක සිට මෙම කැණීම සිදුකර ඇති බවත්, පස් කඩාවැටීම වැළැක්වීමට වැලි කොට්ට යොදාගනිමින් කැණීම සිදුකර ඇති බව ද පොලිසිය කියයි. පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා ඇති අතර ඒ වනවිටත් සැකකරුවන් පොලව හාරමින් සිටි බවද පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ සේරුනුවර සහ වරකාපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකි. පොළව හෑරීමට සහ පස් හා ජලය ඉවත්කිරීමට යොදාගත් බව කියන උදලු, අලවංගු, වතුර මෝටර්, තාච්චි ඇතුලු උපකරණ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම පිරිස විසින් නිධානයක් සොයා මෙලෙස පොලව හාරන්නට ඇති බවට සැකකරන අතර කුරුණෑගල දිසා දූෂණ විමර්ශණ ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත, කුරුණෑගල පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්, කුරුණෑගල දිසා දූෂණ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර, පොලිස් පරීක්ෂක වෙල්ගම, පොලිස් සැරයන් දිසානායක (59401), බණ්ඩාර (58677), ආනන්ද (59669), පොලිස් කොස්තාපල් බණ්ඩාර (58677), ජයසිංහ (39830), ධර්මරත්න ( 60895), බාලසුරිය ( 59479), චතුරංග (89700) සහ රාජකරුණා (64174) යන නිලධාරිහු වැටලීම සිදුකළහ.

මෙම වැටලීමේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article