Sunday, January 19, 2025

කුරුණෑගල තියෙන්නේ ජොනීගේ නීතියද ?

Must read

DSCF6698NEWඅද (22) සවස  මීගමුවේදී පැවති මාධ්‍ය හමුකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා විසින් පසුගියදා කුරුණෑගලදී ඩෝසර් කර විනාශ කරන ලද බුවෙනෙක හෝටලය සම්බන්ධයෙන් මේ වනවිට රජය ක්‍රියාකරමින් සිටින ආකාරය පිළිබදවද අදහස් දක්වන ලදී.  මේ සම්බන්ධයෙන් කමිටු පත්කිරීම හැර වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඒ මහතා විරෝධය පළකරන ලදී. මෙහිදී වැටිදරටත් ඔහු දැක්වූ අදහස්,

” බුවනෙක හෝටලය විනාශ කිරීම මුලුමනින්මේම නීතිවිරෝධී වැඩක්. එය පුරාවිද්‍යා ස්ථානයක්. පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පිලිගැනෙන්න එය ගැසට් කළ යුතුම නැහැ.  1915 මාර්තු 02 වනදාට කලින්  ගොඩනැගිල්ලක් නම් එය අනිවාර්්‍යෙයන් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් වෙනවා.  මේ ගොඩනැගිල්ල එවැනි ගොඩනැගිල්ලක්.එය කුරුණැගල නගර සංවර්ධන සැලැසුම් තුළ තියෙනවා. 2006,2015කුරුණෑගල නගර සංවර්ධන සැලැස්මේ  බුවනෙක හෝටලය සංස්කෘතික උරුමයක් වන ගොඩනැගිල්ක් කියලා නිශ්චිතවම සදහන් වෙලා තියෙනවා. එතකොට නගරාදිපතිවරයා නගර සැලැස්ම දන්නැද්ද ?නගර  සැලැස්ම දැකලා නැද්ද ,නගර සැලැස්ම දකින්නේ නැතුව නගරාධිපතිවරයා නගරයේ ඉදිකිරීම් සහ ගොඩනැගිලි කටයුතු කරන්නේ.  නීතිය නොදන්නකම නිදහසට කරුණක් නෙමේ. පුරාවිද්‍යා අඥා පනතේ 15 ඇ වගන්තියේ මෙය ඇප දිය නොහැකි වරදක් ලෙස තියෙනවා. පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම ඇප දෙන්ඩ බැරි වරදක්.ඔහු වහාම අත්අඩංගුවට ගතයුතුයි. මොකද ඔහු පිලිගත්තා තමන්ගේ නියෝග මත මෙය ඩෝසර් කළා කියලා. ඒ නිසා දැන් කමිටු පත්කරන්න දෙයක් නෑ. වහාම පුරාවි්‍යා ආඥාපනත අනුව ඔහුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.  ඊට වඩා බරපතල කාරනාව තියෙන්නේ මේ භෞතික කාරණාව තියෙන්නේ , මෙම භෞතික ගොඩනැගිල්ල කඩාදැමීමට වඩා භයානකයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශ කළා ඔහු ප්‍රසිද්ධියේ කියනවා තමන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කන්ඩායම් නායකයා ලෙස ඉන්නකම් මේ නගරාධිපතිවරයාට කිසිදු දෙයක් කරන්න දෙන්නෑ, නගරාදිපතිවරයාගේ මයලක්වත් හොල්ලන්ඩ දෙන්නෑ කියලා.කොහෙන්ද මේ බලය, මොකක්ද මේ බලය මොකක්ද මේ නීතිය. රටේ පොලීසියක් තියෙනවා,උසාවියක් තියෙනවා ,ජනාධිපතිවරයෙක් ඉන්නවා. ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නවා. ඒ ඔක්කොටම ඉහළින්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දුකොහොමද කියන්නේ මගේ නගරාදිපතිගේ මයිලක්වත් හොල්ලන්ඩ දෙන්නෑ කියලා. එහෙනම් මේ  රටේ තියෙන්නේ ජොනීගේ නීතියද ? මැදමුලනේ නීතිය ,ජොනීගේ නීතිය, ඒකද මේ රටේ නීතිය?  මේ රටේ අධිකරණය පොලීසිය ඒවා එහෙනම් මොකටද ?  ඔහු කරපු ප්‍රකාශය තමයි මෙතන තියෙන බරපතල සාහසික අපරාධය. ”
” කමිටු දැමිල්ල තමයි මේ රාජපක්ෂ පාලනයේ උප්පරවැට්ටිය.කුරැනෑගල බුවනෙක හෝටලට කඩාදැමීම පිළිබදවත් කමිටුවක් පත්කරලා , ප්‍රශ්නේ කල්දාලා ඒකෙන් මගහරිනවා.එම්සීසී ගිවිසුමටත් කමිටුවක් පත්කරලා ඒ වාර්තා අරගෙන,එවා කතාකරලා පස්සට දානවා. දැන් මේ ආන්ඩුව හදන්නේ  ඡන්දෙන් පස්සේ MCC ගිවිසුම අත්සන් කරන්ඩ. ගෝටාභය රාජපක්ෂ තමයි ආරක්ෂක ලේකම්වරයා විදිහට එදා 2007 මාර්තු ඇක්සා ගිවිසුම අත්සන්  කළේ.
හිටපු එල්.ටී.ටී.ඊ නායක කරුනා අම්මාන් ප්‍රසිද්ධියේ කිව්වා  යුද්දේ කාලේ තමන් හමුදා සොල්දාදුවෝ පන්දාහක් මරුවා කියලා. අද වෙනකම් කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. කුරුණෑගල නගරාදිපති කුරුණෑගල තිබිච්ච එතිහාසික, පෞරානික උරුමය විනාශ කළා.  ඩෝසර්ඔ කලා. පුරාවිද්‍යා නීතිය අද ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නෑ. හැබැයි අගුලානේ පොලිස් නිලධාරීන් අතින් තරුණයෝ දෙදෙනෙක් වෙඩි තියලා මරණයට පත්වුණා. තවත් අය පහරදිමකට ලක්වුණා. ඒත් එක්ක මුලු ගමම ඇවිස්සුණා. පක්ෂ භේදයකින් තොරව , යූඑන්පී,ජේවිපී, මුලු ගමේම අම්මලා තාත්තලා  ඒ ඇතිවෙච්ච කෝපයට පොලීසිය වටකරලා ඒ කාන්තාවෝ පොලීසියට ගල්ගැහුවා. පොලීසියේ ඩී.අයි.ජී මහත්තයා ගිහින් අහනකොට කවුද ගල්ගැහැව්වේ කියලා කාන්තාවෝ කිව්වා – ඔව් මම ගල්ගැහුවා සර් කියලා. හැබැයි එතනදී නීතිය ක්‍රියාත්මක වුණා.ඇයව වහාම අත්අඩංගුවට ගත්තා උසාවියට ඉදිරිපත් කළා ඒ කාන්තාවන්ට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගත්තා. බලන්න මේ තුනේ වෙනස. කරුනා අම්මාන්ට එක නීතියක්,නගරාදිපතිට එක නීතියක් , අර දුප්පත් ගමේ කාන්තාවට වෙනත් නීතියක්. බලපුලුවන්කාරයින්ට ,හය්යහත්තිය තියෙන අයට වෙන නීතියක් ක්‍රියාත්මක වෙනවා, නැති බැරි මිනිස්සුන්ට තව නීතියක් ක්‍රියාත්සක වෙන්නේ. එක රටක් එක නීතියක් නෙමේ ,නීති දෙකක්. ඒ නිසා අපි දකිනවා මේ මාස 08ට හැසිරීම මේ වගේ නම්, ඡන්දයක් අත ලග තියාගෙන තත්ත්වය මේ වගේ නම් ඡන්දය ඉවර වුණාට පස්සේ කොයි වගේ වෙයිද කියලා.”
<iframe width=”956″ height=”538″ src=”https://www.youtube.com/embed/GkRZE0ZhwaQ” frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article