ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතාගේ පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම වෙනුවෙන් කුරුණෑගල නගරයේ තිබූ එක් අනවසර ත්‍රිරෝද රථ නැවතුම්පොළක් ඉවත් කර ඇතැයි කුරුණෑගල නාගරික මන්ත්‍රී තුෂාර සංජීව මහතා මහ නගර සභා රැස්වීමේදී කීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ලබන 15 වැනිදායින් මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසන්වීමට නියමිත කුරුණෑගල මහනගර සභාවේ අවසන් මහ සභා රැස්වීමට පසුගියදා සිකුරාදා සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර සංජීව මහතා මෙසේද පැවැසීය.
”මම ඉතාමත් වගකීමෙන් මේ ප්‍රකාශය කරන්නේ. කුරුණෑගල එජාප සංවිධායක අශෝක් අබේසිංහ මහත්තයාගේ පිරිසක් මේ ත්‍රීවිල් පාක් එකට දාගන්න උත්සහා කරලා තියෙනවා. ඒක මේ පාර්ක් එකේ ඉන්න අය විසින් ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ පාර්ක් එක අයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේක ඉන්න ජෝජ් කියන ත්‍රිරෝද රථ රියදුරා එක්ක එතුමාගේ පුද්ගලික තරහක් තියෙනවා. ඔය කාරණා මත තමයි මේ ත්‍රීවිල් පාක් එක අයින් කරලා තියෙන්නේ.”