Sunday, January 19, 2025

කුරුණෑගල ජනගහණයෙන් සියයට හතක් බේබද්දෝ !

Must read

drunk-man-sleepingකුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් සියයට හතක් ( 7% ක් ) හෙවත් පුද්ගලයින් එක් ලක්ෂ දහසය දහස් එකසිය තිස් අට දෙනෙකු (116138) මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටින බව අනාවරණය වී ඇතැයි කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා කියයි.

මේ බව අනාවරණය වී ඇත්තේ වයඹ පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සහ කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක්ව, මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයින් හදුනාගැනීම සදහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කළ සමීක්ෂණයකදීය.

එම සමීක්ෂණයේදී හෙළි වූ තොරතුරුවලට අනුව දිස්ත‍්‍රික්කය තුළ වෙසෙන වයස අවුරුදු 10 – 20 ත් අතර පුද්ගලයින් 10228 ක්, අවුරුදු 20-30 ත් අතර පුද්ගලයින් 25190 ක්, අවුරුදු 30 – 40 ත් අතර පුද්ගලයින් 25223 ක්, අවුරුදු 40 – 50 ත් අතර පුද්ගලයින් 25370 ක්, අවුරුදු 50 – 60 ත් අතර පුද්ගලයින් 18694 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 11427 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටින බව අනාවරණය වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මෙහි වඩාත්ම අහිතකර තත්වය වන්නේ වඩාත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාකාරී ජනගහණය ලෙස සැලකෙන වයස අවුරුදු 15-59 ත් අතර පසුවන පුද්ගලයින් 1012771 ක් අතරින් 104711 දෙනෙකුම මත් උවදුරට ගොදුරු වී සිටීම බවත් එම පිරිස දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාකාරී ජනගහණයෙන් සියයට දහයක් ( 10% ක් ) වන බවද දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය.

කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 1610 ක් අතරින් ග‍්‍රාම නිලධාරී වසම් 114 කට වැඩි ප‍්‍රමාණයක වෙසෙන ජනතාව මත්ද්‍රව්‍ය භාවිතය සදහා යොමුවීම බහුලව සිදුවන බව පොලිස් වාර්තා මගින් අනාවරණය වී ඇතැයි කී ගාමිණී ඉලංගරත්න මහතා කුරුණෑගල, වාරියපොල, ගොකරැල්ල, පන්නල සහ කුලියාපිටිය යන පොලිස් බල ප‍්‍රදේශවල එම තත්වය සදහා වැඩි වශයෙන් දැකගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article