Saturday, January 18, 2025

කුරුණැගල ඇතුළු අවට නගර රැසක කඩ දින 06 ක් වසා දමයි .අවධානම් තත්වය ගැන වෙළඳ සංගම් තීන්දු ගනියි ?

Must read

Covid-19-lanka-electionකුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබුණි.

මේ අනුව කුරුණෑගල , අලව්ව ,    ගල්ගමුව , කුලියාපිටිය , හිරිපිටිය , කුඹුක්ගැටෙි නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ⁣එහි වෙළද සංගම් තීරණය කර ඇත .

අලව්ව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කීප දෙනෙකුම වාර්තා වීම හේතුවෙන් අලව්ව නගරයේ වෙළෙඳසැල් ඊයේ (28) සවස් වරුවේ සිටම වසා දමා ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබුනේ ලොක්ඩවුන් කිරිමේ අවශ්‍යතාවය ගැන දැන් වෙළද සංගම් විසින් තීන්දු ගන්නට තැනට පත්ව ඇති බවය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?????

 

.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article