තම කුඹුර වෙත යමින් සිටි දෙදරු පියෙකු ඊයේ (18දා) රාත්‍රියේ දී හදිසියේ පුපුරා ගිය අකුණු පහරක් වැදි සිද්ධිය වු ස්ථානයේ දි ම මිය ගොස් තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ආනමඩුව, දිවුල්වැව ප්‍රදේශයේදීය. මිය ගොස් ඇත්තේ ආනමඩුව දිවුල්වැව විසු ආර්.පී.අබේසිංහ නමැති 36වන වියේ පසුවන පියෙකි. මේ දිනවල දිවුල්ලවැව ප්‍රාද්ශයේ පිහිටි කුඹුරු වල සාර්ථක අස්වැන්නක් නෙලා ගත හැකි තත්ත්වයක් ඇති වි ඇති බවත් එනමුත් රංචු පිටින් දිවා රාත්‍රි එන සේරුන් ගෙන් ගොයමට මහත්වු විනාශයක් සිදුවන නිසා සෑම ගොවියෙකුම රාත්‍රි කාලයේ දි කුඹුරු වල භුමිතෙල් ලාම්පු දල්වා සේරු බිය ගැන්වීමට පියවර ගෙන ඇත. ඒ අනුව සිය කුඹුරට එන සේරුන් පලවා හැරීම පිණිස සෙසු ගොවීන් සමග යාය පුරා ලාම්පු දැල්වීමට පෙරේදා (18දා) රාත්‍රි අටට පමණ යමින් සිටිය දි නොසිතු ලෙසින් හදිසියේම අකුණක් පුපුරා ඔහුට සිහි විසඥව ඇති බවත් පසුව සෝදිසි කර බැලිමේ ඔහු සිද්ධිය වු ස්ථානයේ දිම මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත.
කුඹුර වෙත යමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මිය යයි
