පොලිස් චෝදනාගාරය තුළදී අසභ්‍ය වචන කියා පොලිස් නිලධාරීන්ට බැණවදිමින් අශෝභන ලෙස සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස හැසිරුණු බවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් පන්සියයක දඩ මුදලක් සහ මාස 6ක සිර දඩුවමක් නියමකළ කුලියාපිටිය මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඩුවම වසර 5කට අත්හිටුවීමට නියම කළේය.
මෙලෙස දඩ සහ අත්හිටවූ සිර දඩුවම් නියමවූයේ කුලියාපිටිය කණදුල්ල ධර්මරාජ මාවතේ පදිංචිකාරියක වූ බමුණු ආරච්චිලාගේ ලක්ෂ්මි කුමාරි නැමැත්තියකටය.
විත්තිකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කරුණු දැක් වූ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරියගේ සැමියා කසිප්පු ජාවාරමේ නිරත තැනැත්තෙකු බවත්, එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවන්වලදී කුමන තරාතිරමක නිලධාරියෙකුට වුවද මෙම කාන්තාව විසින් අසභ්‍ය වචනයෙන් සහ අපහාසාත්මක අන්දමින් බැණ වදින බවයි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
(ඉහත දැක්රූවෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )