2024 පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පසුගිය දා නාමයෝජනා බාරදෙන ලදී. එමෙන්ම සජබ වෙන්නප්පුව සංවිධායකවරයා ලෙසද චිත්‍රාල් ප්‍රනාන්දු පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීව සිටි වසර ගණනාවක් පුරා ඔහුට පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා නොලැබීම පිටුපස පුත්තලම් දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලන හස්තයක සෙවනැල්ල වැටී තිබුණ බව නොරහසකි. කෙසේ හෝ එම බාධාව ඉවත්ව ඇති අතර චිත්‍රාල් ප්‍රනාන්දු වැනි ප්‍රතිපත්තිගරුක තරුණ දේශපාලනඥයෙකුට නාමයෝජනා ලැබීම ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රමාද වි හෝ ලැබුණ ජයග්‍රහණයකි.
ප්‍රතිපත්ති වලට වඩා විවිධ ඩිල් වලට කප් ගැසුවන්ද සිටින සජබ පුත්තලම් ලයිස්තුවට චිත්‍රාල්ගේ එක්විම සැබැවින්ම වෙනසකි
රාජපක්ෂ පාලනයට එරෙහි 2009 සිට ගොඩ නැගුනු ප්‍රබලම සිවිල් හා දේශාපලන ව්‍යාපාරය වු නිදහසේ වේදිකාව වෙනුවෙන් චිත්‍රාල් සිය උපරිම දායකත්වය ලබා දි තිබුනේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලකයන් එවැනි ජනතා ව්‍යාපාරය මඟහැර යමින් තිබුන පසුබිමකය