සිරදඬුවමට අමතරව රුපියල් 20,000 ක දඩයක්  ගෙවිමට නියම කළ මහේස්ත්‍රාත්වරිය අපහරණය වූ තරුණියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට නියම කළාය.දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක කාලයකට බරපතල වැඩ සහිත සහිතව සිරදඬුවමක් ද රුපියල් ලක්ෂ 10 වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත සහිත වසර දෙකක අමතර සිරදඬුවමක් ද නියම කෙරිණි.මෙලෙස දඬුවම් නියම වුයේ හලාවත වීරකැලේ වත්ත පදිංචි රංකොත් පේඩිගේ නිමල් කුලරත්න නමැති ( 52 ) අයකුටය. අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරු තමන් නිවැරදිකරු බව පල කිරිමෙන් අනතුරුව නඩුවේ පැමිනිළි පාර්ශවයේ සාක්කි ඉදිරිපත් කෙරුණි.

අගතියට පත් තරුණිය නිතර අසනීප වන අතර ඇය සිය මව සමඟ මෙම මෝලේ කම්කරු සේවිකාවක ලෙසින් සේවය කරමින් සිටියදී කිසිවකු නොසිටි අවස්ථාවක දී සැකකරු ඇයට බලහත්කාරයෙන් මෙම අපරාධය කර ඇති බව සාක්කි අනුව අනාවරණය විය.

සැකකරු ප්‍රකාශයක් කරමින්  තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර ඇය රෝගිව සිටින නිසා ඇය තම මෝලේ සේවිකවක ලෙසින් බාර නොගත් බවත් පොලිසිය පැමිණ මෙම චෝදනාව නගමින් තමාව අත් අඩංගුවට ගත් අතර තමන් නිවැරදිකරුවකු බවත්   කීය.

සාක්කි අනුව සැකකරු වරදකරුවකුව සිටි නිසා විනිසුරුවරිය ඔහුට මෙම දඩුවම නියම කළාය.

ඔගස්ටින් ප්‍රනාන්දු / හලාවත