Sunday, January 19, 2025

ක්‍රීඩාව නංවන්න ක්‍රිඩා ඇමති පුත්තලමේදී පැවැත්වූ සාකච්ජාව පුස්සක් වෙයි ?

Must read

sports2021  වසරේ දි පුත්තලම දිසාවේ ක්‍රිඩා කටයුතු සංවර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍යය තොරතුරු ලබා ගැනීම පිණිස පුත්තලම දිසාපති කාර්යාලයේ දි පසුගියදා  සාකච්ඡාවක්  පැවැත්වී තිබේ. මෙම සාකච්ඡාව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ   සහ පුත්තලම දිසාපති  චන්ද්‍රසිරි බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇත. මෙම සාකච්ඡාව   මුළුමණින්ම අසාර්ථක කාර්යයක් වු බව දිසාවේ ප්‍රවීන ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක්ම හා ක්‍රීඩා නිලධාරින් ගේ අදහසයි.
ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුවද මෙයට දිසාවේ කිසිදු ක්‍රීඩා නිලධාරියෙකු ක්‍රීඩා පුහුණුකරුවකු මෙන්ම වයඹ පළාතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සහභාගි කර ගැනීමට පෞද්ගලිකව හෝ රාජකාරිමය වශයෙන් පියවර නොගෙන තිබු බවත් ඔවුන්ගෙන් තොරව යම් ක්‍රීඩාවක් දිසා මට්ටමින් සංවර්ධණ කරන්නේ කෙසේ දැයි ද ඔවුන් ප්‍රශ්න කර සිටියි.
අඩුම තරමින් දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරිවරයා හෝ මෙම අවස්ථාවට එක් කර ගෙන නොසිටිම අභාග්‍යයක් බවත් ඔවුන් කීහ. මෙහිදි 2021 වසරේ පුත්තලම දිසාවේ ක්‍රීඩා සංවර්ධන වැඩ පිලිවෙල යනුවෙන් සකස් කරන ලද විද්‍යුත් ප්‍රකාශනයක් ඇමතිවරයා ගේ දැන ගැනීම පිණිස මෙහිදි ඉදිරිපත් කරන ලද නමුත් එයද ක්‍රීඩාවට කිසිසේත් සම්බන්ධ නැති පිරිසක් විසින් සකස් කර ඇති නිරර්ථක උත්සහයක් පමණක් බවද කීහ. ජාතික මට්ටමේ ක්‍රිඩා සංවිධානවල ඇතැම් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියත් ඔවුන්ගෙන් අදහස් විමසිමක් කෙසේ වෙතත් ඔවුන් අතට මයික්‍රෝපෝනය පවා නොදි සැගවුවේ කාගේ අවශ්‍යතාවකට දැයි සමහර නියෝජිතයන් පවසා සිටියහ. දිසාවේ ක්‍රීඩා නිලධාරින් මෙම අවස්ථාවට සම්බන්ධ කරවන ලෙසට පුත්තලම දිසාපති කාර්යාලය දිසාවේ සියළු ප්‍රාදේශීය ලේකම්වරුන් දන්වි තිබු බවත් මේ සම්බන්ධයෙන් කරුණු සෙවිමේදි අනාවරණය කර ගත හැකි විය. මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි යස රෝහණ ද සිල්වා මහතාගෙන් විමසු අවස්ථාවේ දි ඔහු මෙසේ කීය.
මම මෙම සාකච්ඡාවට එක් වුවා. ඒ දිසා ක්‍රීඩා නිලධාරි වශයෙන් නොවෙයි.මලල ක්‍රීඩා සම්මේලනයට සම්බන්ධ නිසා එම සම්මේලනයේ ඉල්ලිම අනුව මා එයට ගියා. මමත් පළාත් ක්‍රිඩා අමාත්‍යාංශයේ කිසිවකු හෝ දිසාවේ කිසිදු ක්‍රීඩා නිලධාරිවරයෙකු ඊට සම්බන්ධවි සිටිනු දුටුවේ නැහැ. වසර 13 ක් ගත වු වත් පුත්තලම දිසාවෙන් ජාත්‍යන්තර මට්ටමට ගිය කිසිදු ක්‍රීඩකයෙක් බිහි වි නැහැ. ඒ බව අප තේරුම් ගෙන අවශ්‍යය සැලසුම් සකස් කළ යුතු වනවා.මෙම සාකච්චාව ඇත්තටම ක්‍රීඩාව නැංවිමට කෙසේ වෙතත් කවුදෝ ඊළග උසස්විම සදහා තම හැකියාවන් පෙන්වුම් කිරිම පිණිස දරණ ලද සැලසුමක් වශයෙන් මෙම අවස්ථාව මා දුටුවා. අඩු තරමින් අපට කිසිදු අදහසක් ඉදිරිපත් කිරිමට මයික්‍රපෝනය පවා ලබා දුන්නේ නැහැ.ක්‍රීඩා ඇමතිතුමා පුත්තලම දිසාවේ ක්‍රීඩාව නංවාලන්න කටයුතු කරන්නේ නම් වහාම කළ යුත්තේ ක්‍රීඩකයින් ක්‍රීඩා නිලධාරින් ක්‍රීඩා පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩා සංගම් ඒකරාශී කර ගෙන ප්‍රාණවත් සාකච්චාවක් කළ යුතු බව මම ඉල්ලා සිටිනවා.යයි ද කීය .
සාකච්ඡාව  සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි වයඹ පළාත් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් නයනා කාරියවසම් මහත්මිය මෙසේ කිවාය. මධ්‍යම රජයේ ක්‍රිඩා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්  පවත්වනවා නම් අනිවාර්යයෙන්ම අප නිලධාරින්ට ද ඊට සහභාගිවීමට ආරාධනා කළ යුතුයි.පළාත් වල ක්‍රිඩා විෂය මුළුමණින්ම බාරදි ඇත්තේ පළාත් ක්‍රිඩා අමාත්‍යාංශයටයි.  නමුත් මෙම සාකච්ඡාවට අප නිලධාරින් කිසිවකුටත් ආරාධනා කර නැති බව කිව යුතුයි. කිසියම් නිලධාරියෙකුට ආරාධනා කළා නම් අනිවාර්යයෙන්ම ඒ බව ඔහු හෝ ඇය මා දැනුවත් කරනවා.  කිසිවකු එවන් ආරාධනා කළ බවක් මා වෙත දැනුවත් කර නැහැ.
අප අමාත්‍යාංශයේ නිලධාරින් නොමැතිව ක්‍රිඩා සංවර්ධනයක් කරන්නේ කොහොමද ප්‍රශ්න කළ යුතුව ඇතැයි ද ඇය කිවාය.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article