වෙන්න්නප්පුව ප්‍රා.ලේකම් කොට්ඨාශයේ වැව් පහකට වඩා පිහිටා තිබේ. ඒම වැව් අතර තිබූ ගොරගස්හන්දියට ආසන්නනයේ පිහිටා ඇති වැවක් ඇති අතර මෙම වැව වසර 15කට පමණ පෙර වෙන්නනප්පුවේ හිටපු පා.මන්ත්‍රීවරයෙකුගේ අමනෝඥ ක්‍රියාවක් හේතුවෙන් මෙම වැව සිීගිය බව සියල්ලෝම දන්නා ඇත්තකි. පෙර කාලයේ හිටපු වෙන්නාර් නමැති පාලකයෙකු විසින් වෙන්නප්පුවේ වැව් තැනීමට මුල්වවූවා යැයි ඉතිහාසයේ සඳහන් වන අතර ඉන්පසු බිහිවූ රජහොරුන් විසින් වැව් විනාශ කළ ආකාරයට හොදම උදාහරණය මෙම වැවයි. මේ වනවිට දේශපාලකයින් පොල් ඉඩම් මිළී ගෙන වැලි හැරීම මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවට පත්කර ගෙන ඇති අතර වැව් සුද්ද කිරීමද ඒ් අකාරයේම පස් සහ වැලි සොරකම් කිරීමේ වයාපාරයකි.
මෙම වැවේ සිඳී ගොස් කාලයකට පසු නැවතත් ජලය රැදී ඇති අතර කෑලෑවට ගොස් තිබේ. ගම්වාසීන් පවසන්නේ මෙම වැව වැසි කාලයට හොදින් ජලය පිරෙන බවයි. නමුත් අදාළ ආයතන විසින් මෙම වැව පිළිසකර කිරීමට නිසි පියවර ගෙන ඇති බවක් නොපෙනේ. මෙම වැවේ මායිමක්වත් නොපෙනන ගානට වල්වැදී ,ඇති අතර වැවක් යැයි හුනාගැනීමට නොහැකි ලෙස පවතී.
වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා.
ඒස්.නිලාන් පෙරේරා

