දවසේ පැය 24 පුරාම වෛද්‍ය සේවාව
සතියේ ඕනෑම දිනයක එනම් නිවාඩු දිනවල පවා පැය 24 පුරාම වෛද්‍යවරයකු මුණ ගැසී, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, කටුනේරිය ශාන්ත සෙබස්තියන් රෝහල වෙතින් දැන් අවස්ථාව උදාවී තිබේ.
හදිසි ප්‍රතිකාර
ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා සහ,හදිසි අනතුරු තත්ත්වයකදී හදිසි වෛද්‍ය ප්‍රතිකාර මෙහිදී ලබා ගත හැක
විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැසීමේ චැනලින් සේවාව
මාරවිල, හලාවත සහ මීගමුව වැනි රජයේ රෝහල්වල සෙවයේ නියුතු දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් , කටුනේරිය ,ශාන්ත සෙබස්තියන් රෝහලේදී දැන් ඔබට හමුවිය හැක.
* කායික රෝග සම්බන්ධ විශේෂඥ
වෛද්‍යවරුන් (VP)
* ප්‍රසව හා නාරිවේද රෝග සම්බන්ධ
විශේෂඥ වෛද්‍යවරුන් (VOG)
* ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්
(SURGEONS)
* මානසික රෝග පිළිබඳව විශේෂඥ
වෛද්‍යවරුන්
* හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්
*ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්
එලෙසම වකුගඩු, ස්නායු, සහ ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු තවත් විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී හමුවිය හැක.
දියවැඩියාව, රුධිර පීඩනය, සහ කොලෙස්ටරෝල් සඳහා වෛද්‍ය ෂෙනාල් හලහකෝන් මහතා විසින් සතියේ සෙනසුරාදා දිනවල සිදු කරන විශේෂ ප්‍රතිකාර සයන සේවාව දැන් කටුනේරිය,ශාන්ත සෙබස්තියන් රෝහලේදී පැවැත්වේ.
වෛද්‍ය රසායනාගාර සේවාව
රුධීර පරීක්ෂාවන්, මුත්‍රා පරීක්ෂාවන් සහ ඊ.සී.ජී පරීක්ෂණ (E.C.G.) ඇතුළු මූලික වෛද්‍ය රසායනාගාර සේවාවන් මෙම රෝහලේදී සිදු කරන අතර විශේෂිත වෛද්‍ය පරීක්ෂාවන් සඳහා රුධිර සහ මුත්‍රා වැනි සාම්පල් නවලෝක රසායනාගාරය වෙත යොමු කිරීම මෙහිදී සිදුවේ.එලෙසම ඉතාමත් නුදුරේදී මෙම රෝහල තුළ නවලෝක රසායනාගාර සේවාවේ, අංග සම්පූර්ණ වෛද්‍ය රසායනාගාරයක් ස්ථාපිත කිරීමටද නියමිතව ඇත.
මුත්‍රා බට මාරු කිරීම මෙන්ම ඔක්සිජන් දුම හා දුම ඇල්ලීමේ සේවාව හෙවත් නිබුයුලේෂන් සේවාවද මෙම රෝහලේදී සිදු කෙරේ.
තුවාල සඳහාද විශේෂ ප්‍රතිකාර සේවාවක් සිදු කරනු ලබන අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක සේලයින් ප්‍රතිකාර සේවාවද මෙම රෝහල තුළින් ලබාගත හැක.
වයෝවෘද්ධ සහ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමේ සේවාවක් ද මේ වන විට කටුනේරිය ශාන්ත සෙබස්තියන් රෝහල තුළින් සිදු කෙරේ
එලෙසම මෙම රෝහලින් සපයන සුවසේවාන්ට සමගාමීව විශේෂයෙන් දරුවන් විදේශගත වී සිටින වයෝවෘද්ධ වැඩිහිටි මව්පියන් සඳහා සහ වෙනත් වයෝවෘද්ධ වැඩිහිටියන් සඳහා ඔවුන් ව තාවකාලිකව සහ දීර්ඝකාලීනව රැකබලා ගැනීමට ” වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ද (Adults Care Center ) කටුනේරිය සාන්ත සෙබස්තියන් රෝහල පිහිටි ගොඩනැගිල්ලේ උඩුමහලේදී මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව එම වැඩිහිටියන් සුරැකීමේ මධ්‍යස්ථානය වෙත පැමිණෙන සියලුම වැඩිහිටියන් ශාන්ත සෙබස්තියන් රෝහලේ දවසේ පැය 24 පුරාම සේවයේ නියුතු වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය සහ නිරීක්ෂණය මත රැකබලා ගැනීම සිදුවේ. මේ නිසාම මෙම මධ්‍යස්ථානය තුළින් වැඩිහිටියන් රැකබලා ගැනීම ඉතාම විශ්වාසදායකව සහ වගකීව යුතු ආකාරයට සිදුවන බව ප්‍රකාශ කල හැකිය.
එලෙසම මෙම රෝහල තුළින් කටුනෙරිය හා ඒ අවට ප්‍රදේශවල සමාජ සත්කාරක වැඩ සටහන් පැවැත්වීම තුළින් ද ප්‍රදේශයේ සියළු ජනතාවට සුහදශීලී සුව සේවාවන් රැසක්ම කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබාදීමටද රෝහල් පරිපාලනය ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය පසුගිය කාලය පුරාම විවිධ අවස්ථාවලදී කටයුතු කර තිබේ.
පසුගිය 2024 වසරේ නොවැම්බර් 14 වැනිදාට යෙදුණු ” ලෝක දියවැඩියා දිනය” නිමිති කරගෙන දියවැඩියා රෝගයෙන් පෙළෙන අය වෙනුවෙන් විශේෂ වෛද්‍ය කඳවුරක් පවත්වා දියවැඩියා රෝගයෙන් මිදීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ, වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා දෙන ලදී.
එමෙන්ම කටුනේරිය ශාන්ත සෙබස්තියන් ප්‍රාථමික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සමගාමීව, සියලු සිසු දරු දැරියන් සඳහා එම විද්‍යාල පරිශ්‍රයේදී වෛද්‍ය කඳවුරක් නොමිලේ පවත්වන ලදී.
තවද කටුනේරිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන මිසමට අයත් සහ දේවස්ථානය ආශ්‍රිතව වෙසෙන සියලු වැඩිහිටියන් සඳහා වෛද්‍ය කඳුවුරක් පවත්වා වෛද්‍ය පරීක්ෂණ, වෛද්‍ය උපදෙස් සහ සමහර රෝග ආබාධ වලට මූලික වෛද්‍ය ප්‍රතිකාරයන්ද නොමිලේ ලබාදීමට කටයුතු කරන ලදී.
මෙවැනි ආකාරයේ සමාජ සත්කාරක වැඩසටහන් සහ ක්‍රියාවන් සිදුකරමින් කටුනෙරිය ශාන්ත සෙබස්තියන් රෝහල ,කටුනේරිය ග්‍රාමයේ පමණක් නොව අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ යහපත් සුව සහනය වෙනුවෙන් සුහදශීලී සේවාවක නිරත වේ..
කවදත් ඔබේ යහපත් සුවසෙත වෙනුවෙන් සුහදශීලී සහ කාර්යක්ෂම සුව සේවාවක් වෙනුවෙන් ඇප කැප වු කටුනෙරිය ශාන්ත සෙබස්තියන් රෝහලට විශ්වාසයෙන් යුතුව ඔබත් පැමිණෙන්න.
ඔබේ යහපත් සුව සහනය වෙනුවෙන් කැපවුණු ….
ST SEBASTIAN HOSPITAL
ශාන්ත සෙබස්තියන් රෝහල
හලාවත පාර
කටුනේරිය
අමතන්න.-
076 53 83 451
074 01 75 817
075 02 26 693


