Saturday, January 18, 2025

එළුවෙකුත් බිළි දී නිධානයක් ගැනීමට උත්සාහා කළ තිදෙනෙකු අත්අඩංගුවට

Must read

IMG_0003

පුත්තලම – මූණමල්ගස්වැව ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන තිදෙනෙකුව සාලියවැව පොලීසිය විසින් පසුගිය 15 වැනිදා  අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දේවාලයක් පවත්වා ගෙන යන අයෙකුද වන බව පොලීසිය සොයාගෙන තිබේ.

මූණමල්ගස්වැව ප්‍රදේශයේ කජු වගා කර ඇති ඉඩමක් තුළ ඇති ගලක් පුපුරවා හැර කිසියම් අයෙකු නිධානයක් ගොඩ දැමීමට සුදානම් වන බවට වූ තොරතුරක් සාලියවැව පොලීසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබී ඇත. වැටලීම සිදු කර ඇත්තේ ඒ අනුවය.

පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන විට නිධානය ගොඩ දැමීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කර තිබී ඇත.එම ස්ථානයේ එළුවෙකුද සිට ඇත. නිධානය ගොඩ දැමීම සදහා බිල්ලට දීමට එළුවා ගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.එම ස්ථානයේ තිබී යකඩ ඉන්නක්, උදැල්ලක්, ගල්විදින යකඩ කටු 2ක්, තඹ සීනුවක්,තඹ පා සළඹ 2ක්, තඹ අත් සළඹ 3ක්, ත්‍රිශූලයක්, හක්ගෙඩියක්, අගස්ති මාල 2ක්, නවගුණවැල් 4ක්, රසදිය කුප්පියක්, විදුලිය ජනක යන්ත්‍රයක්,වයර් රෝලක්, පාට රෙදි කිහිපයක් හා පස්තෙල් කුප්පියක් ඇතුළුව පූජා භාණ්ඩ තොගයක් ද සොයා ගැනීමට හැකි වූ බවත් පොලීසිය සදහන් කළේය.IMG_0008

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු මෙම ඉඩමට යාබදව ඇති ස්ථානයක දේවාලයක් පවත්වා ගෙන යන අයෙකු බවටද හෙලිවී ඇත.හෙතෙම 42 හැවිරිදි වියේ පසුවන අයෙකි.සෙසු සැකකරුවන් කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.

සැකකරුවන් සහ නිධානය ගොඩ දැමීමට සුදානම් වූ ස්ථානයේ තිබී පොලිස් බාරයට ගෙන ඇති දෑ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article