Saturday, January 18, 2025

එල්ලුම්ගහ ඉල්ලා කුරුණෑගලදී උපවාසයක් !

Must read

දිනෙන් දින ඉහළයමින් පවතින ළමා අපරාධ මැඩලීම සදහා මරණ දඩුවම වහා ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා කුරුණෑගල හෙට්ටිගෙදර ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු අද කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළේය.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙලෙස උපවාසයේ යෙදුණේ කුරුණෑගල, හෙට්ටිගෙදර, රන්මුද්දාවලවත්තෙහි පදිංචි එම්. ජී. ඕ. රොෂාන් නවරත්න නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි. කුරුණෑගල බස්නැවතුම්පොළෙහි ජංගම වෙළදාමේ යෙදෙන සුඵ ව්‍යාපාරිකයෙකු බව කියන මෙම තැනැත්තා අද පෙරවරුවේ කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට පිහිටි උමං මාර්ග පිවිසුම අසල වාඩි වී සිය උපවාසය ආරම්භ කළේය.

සිය උපවාසය පිළිබදව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත අදහස් දැක් වූ රොෂාන් නවරත්න මහතා මෙසේ පැවසීය.

”මේ විදිහේ උපවාසයක් කරලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ රට තුළ මරණ දඩුවම යළිත් ක‍්‍රියාත්මක කරවන්න කියලයි. මොකද අපේ රටේ ජීවත්වෙන අහිංසක නොදරුවන්ට සිද්ධවෙන අපරාධ ගණන බලාගෙන ඉද්දී ඉහළ යනවා. ඒ නිසා මුඵ රටටම දැනෙන විදිහට මේ අපරාධකාරයෝ එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුම් ගස් යැව්වා නම් අනිත් අයත් අපරාධයක් කරන්න කලින් ඒ ගැන දෙපාරක් හිතයි. මේ කතාකරන මමත් දරුවෝ තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. අපිටත් ජීවත්වෙන්න කියලා ස්ථිර නිවසක් නෑ. මමයි , මගේ දරුවොයි ජීවත්වෙන්නේ ටෙන්ට් රෙදි ගහලා , ලෑලි ගහලා වටකරලා තියෙන පොඩි ගෙදරක. කවුරු හරි මගේ ගෙට පැනලා, මගේ දරුවොත් අරන් ගිහිල්ලා මොනවා හරි අපරාධයක් කරයි කියන බය තාත්තෙක් විදිහට මටත් තියෙනවා. ඒ නිසයි මම ඉල්ලා හිටින්නේ මරණ දඩුවම වහාම ක‍්‍රියාත්මක කරන්න කියලා. එල්ලුම්ගහ ක‍්‍රියාත්මක කරන්න කෙනෙක් නැත්නම් කිසිම වැටුපක් හෝ දීමනාවක් ලබාගන්නේ නැතුව අඵගෝසු තනතුර භාරගන්නත් මම ලෑස්තියි. ” යැයි හෙතෙම පැවසීය.

ඡායාරූප
නිරෝෂන් ජයතිස්ස


upwasaya03 upwasaya02 upwasaya06 upwasaya01upwasaya05

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article