Saturday, January 18, 2025

එජාප මන්ත්‍රී කෝකිලනාත්ට කලු ඇදගෙන ප්‍රාදේශීය සභාවට එන්ඩ දෙන්ඩ බෑ කියලා

Must read

kokilanath
කෝකිලනාත් සිං මහතා.

(8.55pm)  ආගමික කටයුත්තක් වෙනුවෙන් මේ දිනවල මම කළු ඇදගෙන තපස් ජිවිතයක් ගත කරන්නේ.අඩු වශයෙන් පාවහන් හෝ දාන්නේ නැහැ.එසේ කළු ඇද ගෙන මම මෙවර හලාවත ප්‍රාදේශීය සභා රැස්විමට ගියාම කළු ඇද ගෙන ආවා කියලා මාව සභාවෙන් පිටමං කළා. මෙය මගේ ආගම් ඇදහීමේ නිදහසට තර්ජනයක්. මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන්න කියලා මම වගකිව යුතු අංශ වෙතින් ඉල්ලා සිටිනවා.’  යයි හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කෝකිලනාත් සිං ජෙයනන්ද සිං මහතා සදහන් කළේය .
හලාවත මුන්නේශ්වරම් හි පදිංචි ඒ මහතා මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර දේවාලයේ ගිණි පැගිමේ පුජාවේ ප්‍රධනියා වශයෙන් ද කටයුතු කරයි. තමන්ට මුහුණ දීමට සිදුවු මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ලංකංදීපය සමග මෙසේ කිවේය. පසුගිය පළාත් පාලන ජන්දයෙන් මම හලාවත ප්‍රාදේශීය සබා මන්ත්‍රිවරයෙකු ලෙසින් පත් වුණා. දකුණු ඉන්දියාවේ කේරළා ප්‍රාාන්තයේ පිහිටි සබරිමලේ අයියප්පන් දේවාලයේ වාර්ෂික මංගල්‍යයට මම ගත වු වසර 14 පමණ කාලයක සිට කණ්ඩායමක් සමග වන්දනා මාන කරන්න යනවා‍. මෙම ගමන යන්න කලින් සෑම වන්දනාකරුවෙකුම චාරිත්‍ර රැසක් අනුගමනය කළ යුතුයි. අයියප්පන් කෝවිල වදින්න යන්න කලින් දින 55 ක කාලයක් පේවි තපස් ජීවිතයක් ගත කළ යුතුයි. කළු ඇදුමකින් තමයි සැරසි ඉන්න ඕනෑ, අඩු තරමින් පාවහන් හෝ දමන්නේ නැහැ. මම මන්ත්‍රී වුනාට පසු පසුගිය වසරේ අපේ සභාවේ මාසික රැස්වීම් වලට මෙම කාලයේ දි මම ගියේ ද කළු ඇද ගෙනයි. එහිදි කිසිවකු මට විරෝධය පල කළේවත් මාව එළියට දාන්න හෝ කටයුතු කළේ නැහැ.
අපේ සභාවේ බලය ලැබි ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයට  ( පොහොට්ටුව) ය. 2020 වසරේ අයියප්පන් කොවිල වදින් යන්න සුදානමින් ඉන්න මම පසුගිය 12 වන දින ද සභාවේ පැවැති දෙසැම්බර් මාසික රැස්වීමට සම්බන්ධවීමට ගියා. ඒ ගියේ සුපුරුදු අයුරින් කළු ඇද ගෙනයි. මා සභාවට ගිය විට ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයේ මන්ත්‍රි කෙනෙක් මම කළු ඇද ගෙන නිසා මට සභාවට එන්න දෙන්න බැහැයි කියමින් තර්ජනාත්මකව මට විරෝධය පල කළා.මම මේ කළු ඇදුම ඇද ගෙන ඉන්නේ මගේ ආගමික කටයුත්තක් වෙනුවෙන්. ගිය අවරුද්දීත් මේ ඇදුම ඇදන් ගියාම කිසිදු විරෝධයක් ඇති වුනේ නැහැ. මේ අවුරුද්දේ මෙහෙ කළේ දේශපාලන බලබෑමක් නිසාය .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑඹ අයෙකුට තමන් අදහන ආගම නිදහසේ ඇද හිය හැකියි. එසේ තිබිය දි මට සභා රැස්වීමට ඇතුළු වන්න ඉඩ නොදිම මගේ අයිතියක් පැහැර හැරීමක්. සභාපතිවරයා එවිට නිහඩ ව සිටියා. විපක්ෂ මන්ත්‍රිවරුන් කරුණු දැක්වීමට ගිය විට ඊට දුන්නේත් නැහැ.මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හා අපේ ආගමික දෙපාර්තමේන්තුවට ද මානව හිමිකම් කොමිසමට ද මම පරික්ෂණයක් කරන ලෙසට ඉල්ලා ඇත. යයි ද කීය.
මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ද සිල්වා මහතා මෙසේ කිවේය.
සභා රැස්වීමක දී මන්ත්‍රිවරුන් ඇදිය යුතු වස්ත්‍රය සුදු පාට විය යුතු බවට රීතියක් ඇත.එය මෙම මන්ත්‍රිවරයා වටහා ගෙන නැතිව විය යුතුයි කළු ඇද ගෙන ආවේ. මේ මැතිවරණ උණුසුම අනුව මෙම කළු ඇදුමට අපේ පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු අදහස් පල කිරිමක් සිදු කළා. එවිට කළු ඇද ගෙන ආ මන්ත්‍රිවරයා කිවා මේ ඇදුම ආගමික කටයුත්තක් නිසා සිදු කළ බවයි. එහෙම කියලා ඔහු මා නොයන ලෙසින් කියන විටම පිටව යන්න ගියා. පසුගිය වසරේ දි ඔහු කළු ඇදුමින් සභ රැස්වීම‍ට පැමිණියාද කියා මට මතක නැහැ. ඔහු ඉක්මන් වුවා. පසුව මා ඔහු‍ට දීමනාව ගන්නනම් නිවාඩු ඉල්ලන ලෙසට පණිවුඩයක් යැවු විට නිවාඩු ලිපියක් ඉදිරිපත් කර මන්ත්‍රිවරයා එයාගේ මාසික දීමනාව ලබා ගත්තා. මේක නොදැනුවත් කම හා කලබලකාරිත්වය අනුව එම මන්ත්‍රිවරයා කටයුතු කළ නිසාය. යයි ද කීය.

ඔගස්ටින් ප්‍රනාන්දු / හලාවත
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article