Saturday, January 18, 2025

එජාප නායකයා කවුද? අද තීරණය වෙයි

Must read

එජාපඑක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන නායකත්ව අර්බුදය හේතුවෙන් පක්ෂ නායකා කවුද යන්න පිළිබඳව විශේෂ තීරණයක් අද (16) එම පක්ෂය ගැනීමට නියමිත ය.

අද පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් පැවැත්විමටද නියමිතය.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (15) පවත්වා ඇත.

නායකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට අවධානය යොමු වු බවත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායක්තවය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එකඟත්වය පළ කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම සාකච්ඡාවට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසා තිබේ.

අද පැවැත් වෙන රැස්වීමෙන් අනතුරුව එය දැන ගැනීමට හැකි බවත්, සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය තුළත් සජිත් ප්‍රේමදාස මහතා විශාල ජයග්‍රහණයක් ලැබු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කියා ඇත.

කෙසේ වෙතත් මේ මොහොතේ පක්ෂ නායකත්වය වෙනස් වියයුතු නැතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ඊයේ සඳහන් කර තිබිණි. “නීති හදන්නෙත් වෙනස් කරන්නෙත් අපි” යැයි ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අදහස් පළ කරමින් කියා තිබේ.

පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය තීරණය කළ නොහැකි බවත් පක්ෂයක් තුළ වැදගත් වන්නේ බහුතර මතය බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත.

lankatruth

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article