තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර එකක් රුපියල් විසිපහ බැගින් ප්‍රසිද්ධියේ අලෙවි කරමින් තිබූ දුම්වැටි තොගයක් ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගොකරැල්ල පොලිසියේ විශේෂ කාර්යංශයේ පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න ( 60422 ) මහතාට ලැබුණු තොරතුරකට අනුව ගොකරැල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඉබ්බාගමුව, මුදුන්දූව ප්‍රදේශයේ වෙළදසැලකින් මහජනතාව වෙත අලෙවිකරමින් තිබූ විදෙස් රටක නිෂ්පාදිත මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ. දුම්වැටි තොගය සමග ඒවා අලෙවිකිරීමේ යෙදුණු බව කියන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම සහ ගබඩාකර ළග තබාගැනීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගොකරැල්ල පොලිසිය කියයි.
ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. ඩී. ජී. එස්. මධුශාන් මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් ඒකනායක (18482) , පොලිස් කොස්තාපල් මධුරංග (15525) සහ පොලිස් ආරක්ෂටික සහායක හේරත් (1556) යන නිලධාරීහු විසින් වැටලීම සිදුකළහ.