2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනිසිටිමට නියමිතව සිටි සිසුන් සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දි තිබු නියමයන් අනුගමනය කරමින් හලාවත ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන කරා පැමිනි බව දැක ගත හැකි විය.
සෑම සිසුවෙකුම තම දෙමාපියන් සමග උදෙන්ම විභාග මධ්‍යස්ථාන කරා පැමිණි නමුත් බොහෝ විභාග මධ්‍යස්ථානයන්හි සෞඛ්‍ය නියමයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරිමට කිසිදු වැඩ පිලිවෙලක් යොදා නොතිබු බවත් දැක ගත හැකි විය.
සමහර විභාග මධ්‍යස්ථානයන්හි පොලිසිය හෝ අඩු වශයෙන් වෙනත් දිනවල සේවයේ යොදවනු ලබන ආරක්ෂකයින් හෝ නොසිටි බවත් දැක ගත හැකි විය.කිසිදු විභාග මධ්‍යස්ථානයක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රැඳීසිටින බවක් දැක ගත හැකි නොවිය.එහෙත් විභාගය නියමිත වේලාාවට ආරම්භ කරණු ලැබු බවත් වාර්තා විය.
දරුවන් විභාග මධ්‍යස්ථාන කරා පැමිණ සිටි අයුරු ජායාරූප වලින් දැක්වේ.