මිනිස් හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්ව තිබු කන්ටේනර් දෙකක පටවා තිබු සැමන් ටිං තොගයක් සත්ව ආහාරයට ගැනීමට තිබියදි සොයා ගෙන එම සැමන් ටිං හලාවත බංගදෙණිය රජයට අයත් වත්තක වල දමා ඇති බව වයඹ හඩ පරිසර සංවිධානය අද ( 17 දා ) හලාවත පොලිසියට පැමිනිළි කර ඇත. එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද දහවල් බංගදෙනිය ප්‍රදේශයේ පිහිටි පශු සම්පත් මණ්ඩලයට අයත් සත්ව ගොවි පලකට ගොස් සිදු කරණ ලද නිරික්ෂණයකින් පසු මෙසේ පැමිණිල්ලක් දැමු බව අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවැසීය. ශ්‍රී ලංකා රේගුව විසින් මෙම සැමන් ටිං තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය කර ගැනීමෙන් පසු රාජසන්තක කරණ ලද බවත් පසුව මෙම සැමන් තොගය පශු සම්පත් මන්ඩලයේ බංගදෙනියේ පිහිටි සත්ව ගොවි පලේ ඇති කරණු ලබන ඌරන්ගේ ආහාරයට නිදහස් කරණ ලෙසට එම මන්ඩලය විසින් කර තිබු ඉල්ලිමක් අනු ව එම සැමන් කන්ටේනර් දෙකක පටවා මෙම ගොවි පල වෙත රැගෙන ආවත් එම සැමන් මිනිස් හෝ සත්ව ආාහාර වශයෙන් යොදා ගැනීමට නොහැකි ලෙසින් නරක්වි තිබු බවට ලද තොරතුරක් අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මහජන පරික්ෂකවරුන් මගින් පරික්ෂණයක් කිරිමෙන් පසු වල දැමු බව දැන ගත් පසු තකම සංවිධානය එහි ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලු බවත් වල දමා තිබුණත් එම ප්‍රෙද්ශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර තිබු බවත් ඒ මහතා පවසන ලදී.
පසුව , සත්ව ආහාර වශයෙන් යොදා ගැනීමට ගෙන ආ මෙම සැමන් තොගය සත්ව ආහාරයකට පවා නුසුදුසු නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා හලාවත පොලිසියේ නිලධාරින්ගේ අධික්ෂණය මත් බැකෝ යන්ත්‍රයක් යොදා විශාල වලක් හාරා වල දැමීමට පියවර නෙ ඇත. මේ අතර මේ සම්බන්ධයෙන් ව්‍යඹ පරිසර අධිකාරියේ නිලධාරින් ද පැමිණ වල දැමු ස්ථානයෙන් දුර්ගන්ධය පැතිරීම වැලැක්වීමට අවශ්‍යය පියවර ගන්නා ලදී.
ඔගස්ටින් ප්‍රනාන්දු