(12.21 pm) අද උදෑසන ඉරණවිල මුහුදේ පාවී තිබියදී ධීවරයින් විසින් සොයාගත් බෝට්ටුව මේ වනවිට හලාවත පොලීසියට බාරදී තිබේ. මෙම බෝට්ටුවේ ඇති ලියාපදිංචි අංක සහ අක්ෂර අනුව මෙය කේරල ප්‍රාන්තයට අයත් යාත්‍රාවක් බවට දැනට හඳුනාගෙන ඇත.
මෙම බෝට්ටුව පිටත එන්ජිම සවිකළ බෝට්ටුවක් වන අතර යාත්‍රාව හමුවන විට එතුල ඇන්ජිමක් හෝ ධිවර උපකරණ තිබී නොමැත. එම නිසා මෙම බෝට්ටුව යම් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සම්බන්ධ එකක් විය හැකි බවට පොලීසිය සැක පහළ කරයි. මෙම යාත්‍රාවේ ධිවරයින් පැමිනියා නම් ඔවුන්ට අනතුරක් වුවත් එහි ධීවර ආම්පන්න හෝ උපකරණ තිබිය යුතු බැවින් මෙම යාත්‍රාව වෙනත් ක්‍රියාවකට සම්බන්ධ විය හැකි බවට අනුමාන කළ හැක.
ජූඩ් සමන්ත