Sunday, January 19, 2025

ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර අරඹයි

Must read

 

01(8) 03(6)

පසුගියදා ජනතාව වෙනුවෙන් විවෘත වූ ඉරණවිල  පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මේ වන විට කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගත් තවත් රෝගීන් (04) දෙනෙකුව 15 වැනිදා අළුයම ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන එන ලදි.  කිලිනොච්චිය – මුලන්කාවිල් නාවුක හමුදා කදවුරෙන්  පවත්වා ගෙන යන කොරෝනා නීරෝධානය මධ්‍යස්ථානයේදී හදුනා ගත් පිරිසක් මෙසේ ප්‍රතිකාර සදහා රැගෙන එන ලදි. එමෙන්ම ජා ඇල ප්‍රදේශයේ පිරිසක් මෙසේ රැගෙන ආ බව ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සදහන් කළේය.
පසුගිය 12 වැනිදා දිනයේදී ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රැගෙන එන ලදි.ඔලුවිල් නීරෝධායන මධ්‍යස්ථානයේදී හදුනා ගත් පිරිසක් එසේ රැගෙන එන ලදි. ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ආ ප්‍රථම කොරෝනා රෝගීන් පිරිස ඔවුන් වේ.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article