Saturday, January 18, 2025

ඉරණවිලදි සුවය ලබා තවත් ආසාදිත රෝගීන් 5 ක් පිටව යති !

Must read

ඉරණවි

ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සදහා ඇතුළත් කර සිටි තවත් ආසාධිතයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව 11 වැනිදා දහවල් පිටත්ව ගොස් ඇත. පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇත්තේ ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාධිතයින් 18 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව සුවය ලබා පිටත්ව ගොස් ඇති බවත්,තවත් ආසාධිතයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් එහි අධ්‍යක්ෂක වෛද්‍ය දිමුත් පොන්වීර මහතා පැවසීය.


 

09 වනදා පිටව ගිය රෝගීන් 

ඉරණවිල   කොරෝනා   ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු අද  (09)  වැනිදා පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත. ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුට පිටත්ව ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 04 දෙනෙකු සහ මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුය. ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 07 දෙනෙකු මීට පෙර පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබුණි.  ඒ කොළඹ 02 , ජා ඇල, ඇහැලියගොඩ, දියතලාව, යාපනය සහ වව්නියාවේ පදිංචි එක්  අයෙකු බැගිනි.

ඒ අනුව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි ආසාධිතයින් අතරින් 12 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත. ඔවුන් පූර්ණ සුවය ලබා පිටත්ව ගියත් තම නිවසේදී ස්වයං නීරෝධානය විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. මේ වන විට තවත් කොරෝනා ආසාධිතයින්  12 දෙනෙකු ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article