Saturday, January 18, 2025

ඉබ්බාගමුවේ අයයි, රිදීගම අයයි ලයිසන් එකට පෝලිමේ වේලෙති.

Must read

පරිගණකය අක‍්‍රිය වී ඇති බව පවසමින් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාහන ආදායම් බලපත‍්‍ර ලබාගැනිමට පැමිණෙන ජනතාව ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හරවායැවීම නිසා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහිම ජනතාව බලවත් අපහසුතාවයකට පත්ව සිටිති.

වාහන ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමට යොදාගන්නා පරිගණකයෙහි ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දැනට සති තුනකට වැඩි කාලයක් තිස්සේ රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාහන ආදායම් බලපත‍්‍ර නිකුත්කිරීම අත්හිටුවා තිබේ. මේ නිසා ඉබ්බාගමුව , මාවතගම හෝ කුරුණෑගල පිහිටි වයඹ ප‍්‍රධාන ලේකම් කාර්යාලයෙන් අදාළ වාහන ආදායම් බලපත‍්‍ර ලබාගන්නා ලෙස පවමින් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත දෛනිකව පැමිණෙන ජනතාව ආපසු හරවා යැවීමට එහි නිලධාරීන් විසින් කටයුතු කරමින් සිටිති.

මේ ස්ථාන තුනෙන් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට අඩුම දුරකින් පිහිටා ඇත්තේ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වන අතර ඒ සදහාද තවත් කිලෝමීටර් 12 ක අමතර දුරක් ගෙවා බස් රථයකින් හෝ පුද්ගලික වාහනයකින් ගමන්කිරීමට රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ආදායම් බලපත‍්‍ර සේවාව ලබාගැනීමට පැමිණෙන ජනතාවට සිදුවී තිබේ.

ඊටත් වඩා ගැටඵවක් වී ඇත්තේ , ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට අදාළ ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීමට සිදුවී තිබීම නිසා මේ දිනවල ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන ආදායම් බලපත‍්‍ර නිකුත්කිරීමේ අංශය ඉදිරිපිට දිගු පෝලිමක් නිර්මාණය වී තිබීමයි. වාහන ආදායම් බලපත‍්‍ර නිකුත්කිරීම සදහා ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව ඇත්තේද එක් පරිගණකයක් පමණක්වීම නිසා සිය ආදායම් බලපත‍්‍රය නිකුත්කරන තුරු පැය ගණනාවක් තිස්සේ පෝලිම්වල රස්තියාදුවීමට එහි පැමිණෙන ජනතාවට සිදු වී තිබේ.

විනාඩි දෙක තුනකින් කරගත හැකි කාර්යයක් වෙනුවෙන් පැය ගණනක් නාස්ති කරන්නට සිදුවීමත්, තවත් අමතර දුරක් ගෙවා දමමින් වෙනත් ස්ථානයකට ගමන්කරන්න සිදුවී තිබීමත් නිසා තමන් පත්වී සිටින දැඩි අපහසුතාවය පිළිබදව සලකා බලා රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාහන ආදායම් බලපත‍්‍ර නිකුත්කිරීම කඩිනමින් යථාවත් කර දෙන්නැයි රිදීගම සහ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්  ආදායම්  බලපත‍්‍ර සේවාව ලබාගන්නා ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ibb5 copy ibb4 copy ibb3 copy ibb2 copy ibb1 copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article