Saturday, January 18, 2025

ඉබ්බාගමුවටත් අලි පනී.

Must read

ඉබ්බාගමුව , කුඹුක්වැව ප‍්‍රදේශයට ඊයේ රාත‍්‍රියේදී වල් අලි දෙදෙනෙකු හදිසියේ කඩාවැදීම නිසා එම ප‍්‍රදේශයේ ජනතාව දැඩි ලෙස භීතියට පත් වී සිටිති.

කහල්ල පල්ලෙකැලේ රක්‍ෂිතයෙන් පැන ආ දොළොස්දෙනෙකුගෙන් පමණ යුත් වල් අලි රංචුවක් දැනට දින කිහිපයක පෙර සිට කුඹුක්ගැටේ, නෙල්ලිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව සැරිසරමින් සිටි බවත්, තම ගම්මානයට කඩාවදින්නට ඇත්තේ එම රංචුවෙන් මඟහැරුනු අලි දෙදෙනෙකු විය හැකි බවත් කුඹුක්වැව ප‍්‍රදේශවාසීහු කියති.

මෙම වල්අලි දෙදෙනා ඊයේ රාත‍්‍රී 7.00 ට පමණ කුඹුක්වැව, තම්මිට ප‍්‍රදේශයේ නිවසක් පිටුපසට පැමිණ ඇති අතර , අලින්ගේ ශබ්දය ඇසුණු නිවැසියන් වල්ඌරන් රංචුවක් යැයි සිතා උන් එලවා දැමීමට උත්සාහ කර තිබේ. එම නිවැසියන්ගේ කෑගැසීම නිසා සිද්ධිය පිළිබදව දැනගත් කුඹුක්වැව ප‍්‍රදේශවාසීහු හේරත්ගම වනජීවී කාර්යාලයට සහ ගොකරැල්ල පොලීසියට අලි ගම්වැදී සිටින බව දැනුම් දී තිබේ. අනතුරුව එහි පැමිණි වනජීවී නිලධාරීන් සහ කුඹුක්වැව තරුණ පිරිස එක්ව අලි වෙඩි පත්තුකරමින් අලි එලවා දැමීමට උත්සහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වී තිබේ. කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රිය කුඹුක්වැව ප‍්‍රදේශයේ සැරි සෑරූ මෙම අලි දෙදෙනා ප‍්‍රදේශයේ කෙත්වතු විනාශ කරමින් සහ බවභෝගවලට හානිකරමින් මහත් විනාශයක් කර ඇති බව ‘වයඹ ටුඩේ’ වෙත වාර්තා වෙයි.

කෙසේ අද අළුයම වනවිට කුඹුක්වැව ප‍්‍රදේශයෙන් මදක් ඔබ්බට අලි දෙදෙනා පලවා හැරීමට ප‍්‍රදේශවාසීන් විසින් සමත් වී ඇති නමුත් අද රාත‍්‍රියේදීත් අලි ගම්වදීදැයි යන සැකය ප‍්‍රදේශවාසීන්ගේ සිත්වලින් තවමත් පහවී ගොස් නොමැත.

ඉබ්බාගමුව සම්පත් සෙනෙවිරත්න

SAMSUNG CAMERA PICTURES

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article