(6.47 pm ) මෙතැන් සිට සතියක පමණ කාලයක් යන තුරු නොරොච්චෝලේ විදුලි බලාගාරයේ උත්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එම බලාගාරයේ උසස් නිලධාරියෙකු මාධ්‍යට පවසයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හෙතෙම මේ බව කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ එම උසස් නිලධාරියා මෙසේද කියා සිටියේය.
නොරචෝලේ තාප විදුලි බලාගාරයෙන් දිනකට විදුලිය මෙගා වොට් 900 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.නමුත් පසුගිය 17 වැනිදා දහවල් ඇති වූ තත්ත්වය නිසා බලාගාරයේ ඇති ජනන යන්ත්‍ර 03 ම මේ වන විට ක්‍රියා විරහිත වී තිබෙනවා.මුලින්ම එක් ජනන යන්ත්‍රයක් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වුණා. පැවති තත්ත්වය නිසා අනෙක් යන්ත්‍ර දෙක ක්‍රියා විරහිත කිරීමට කාර්මිකයින්ට සිදු වුණා.එසේ නොකර සිටීමට හැකියාවක් නැහැ.
රට පුරා බලාගාර වලින් නිෂ්පාදනය කරන විදුලිය බෙදා හැරීමට පෙර කිසියම් ක්‍රමවේදයකට යටත්ව උප පොලවල් වෙත මුදා හැරීම සිදු කරනවා.එක් තැනක සිදු වන දෝෂයක් සියළුම බලාගාර වලට බලපෑම් සිදු කිරීමට පුළුවන්.17 වැනිදා දහවල් සිදු වුනෙත් එවන් ක්‍රියාවක් පමණයි.
මෙම බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරණු ලබන්නේ ගල් අගුරු වලින් වන නිසා ජනන යන්ත්‍ර වල තාපය ඉතා ඉහළ මට්ටමකි පවතින්නේ.මෙම නිසා ජනන යන්ත්‍ර සියල්ල සම්පූර්ණයෙන්ම සිසිල් වන තුරු සිටිය යුතුයි.ඒ සදහා අවම වශයෙන් දින 03 ක වත් කාලයක් ගත වනවා.ඉන් අනතුරුව සිදු කළ යුතුවන්නේ ජනන යන්ත්‍ර වල ඇති හදිසි ක්‍රියාකාරී කොටස් පරීක්ෂා කිරීමයි.එම කොටස් වල යම් අඩුපාඩුවක් ඇත්නම් ඒවා සකස් කිරීම කළ යුතුයි.ඒ සියල්ල අවසන් වීමෙන් අනතුරුව පමණයි නැවත බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැක්කේ.ඒ සදහා දින කීපයක් ගත වේවි.ඒ දිනය කවදාද යන්න නිශ්චිතවම කියන්න හැකියාවක් තවම නැහැ.
ජූඩ් සමන්ත