වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ පැවැති නවක මන්ත්රීවරුන් දිවුරුම්දීමේ අවස්ථාවේදී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ මින් පෙර දැකගත නොහැකි වූ ආණ්ඩුකාර මවක ඉදිරියේ මන්ත්රීවරයෙකු ලෙස පුත්රයෙකු දිවුරුම්දෙනූ ලැබූ අතිශය විරල අවස්ථාවක් දැකගත හැකි විය.
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියගේ එකම පුතණුවන් වූ මංජුල බණ්ඩාර මහතා වයඹ පළාත් සභාවේ විපක්ෂ මන්ත්රීවරයෙකු ලෙස ඊයේ ඕ ඉදිරියේම දිවුරුම් දෙනු ලැබීය.
මෙය ආණ්ඩුකාර මවක් ඉදිරියේ ඇගේම පුත්රයෙකු මන්ත්රීවරයෙක් ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව ලෙස මෙම ලාංකීය දේශපාලන ඉතිහාසයට එක්වෙයි. එමෙන්ම මව විසින් පළාත් සභාවක ආණ්ඩුකාරධූරය හොබවන විටදී පුත්රයෙකු එම පළාත් සභාවේම මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ දුර්ලභ අවස්ථාවද මේ සමගින් උදාවනු ඇති අතර එවැනි අවස්ථාවක් උදාවන්නේද ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමුවැනි වතාවටය.
ඊයේ මන්ත්රීවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය නවක මන්ත්රීවරුන්ට සුබපතමින් කතා කළ අතර එහිදී තමන්ගේ පුතණුවන් තමන් ඉදිරියේම දිවුරුම්දෙනු දැකීමට තරම් තමා මවක් ලෙස වාසනාවන්ත වූ බව කීවාය. මෙම ප්රකාශය සිදුකරන අවස්ථාවේදී ආණ්්ඩුකාරවරිය දැඩි ලෙස හැගීම්බර වූ අතර ඇගේ දෙනෙතින් කදුඵ කඩාහැලෙන අයුරුද දැකගත හැකි විය.