Saturday, January 18, 2025

ඉතින් ආයුබෝවන් ඇත්රජුනි ! ”නියපොත්තා ”

Must read

තඹුත්තේගම ප්‍රදේශයේ ජීවත්වු  නියපොත්තා නමැති අලියා වනජීවී නිලධාරින් විසින් අල්ලා ගනු ලැබ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ඊයේ (29) ගෙනයන ලදී. මෙම අලියා විසින් වනජීවී නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු මරා දමා ඇතැයි කියවේ. ලංකාව තුළ ජීවත්වන වන අලින්ගේ නිජබිම් උදුරාගනිමින් ජනාවාස ඉදිකෙරන විට වන සතුන්ට මුහුණ දීමට සිදුවන ‍ඛේදවාචකය පිළිබව පරිසර වේදීන් හා සත්වප්‍රේමීන් කම්පාවට පත්වන අතර ඒ සම්බන්ධව ඔවුන් පවසන්නේ ලංකාවේ ප්‍රධාන පුවත්පත් වල මැවෙන ජයග්‍රාහී සිරස්තල වලට වඩා වෙනත් අදහස්ය. පහත උපටා දක්වා ඇත්තේ ද පරිසරවේදියෙකු වන  කෙනඩි ආන්ජලෝ කොලොන්ඥේ මහතා විසින් ඔහුගේ මුහුණු පොතේ  වනජීවී නිලධාරින් විසින් අල්ලාගෙන ගොස්  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට දැමු  ”නියපොත්තා ” වන ඇතා පිළිබඳ සංවේදී සටහනකි.

aliya-1
ඡායාරූපය උපුටා ගැනීම – WWW.ITNNEWS.LK

පළමුවෙන්ම උඹට සිදුවුනු අසාධාරනය  ගැන මම දෙපා සතුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා.
උඹ මිනිස්සු මැරුව තිරිසනෙක් නේ. ජනතාව කියන්නෙ එහෙමයි. ඒත් මට නම් උඹ උඹගෙ පරම්පරාවේ අයිතිය ෙවෙනුවෙන්  සටන්කරපු  ‘පනාමුරේ ඇත්රජා’ වගේ වීරයෙක්.
මම උඹ ඉපදුන නිජබිම අඳුනනවා. උඹේ බාල කාලේ වනනාන්තරේ තිබුණ ගහකොල ,වැව් වල ජීවත්වුනේ උඹලයි අනිත් කැලේ සත්තුයි  විතරයි. ඒකේ අයිතිකාරයෝ  උඹලා.
ඊට පස්සෙ මීට දශක තුනකට පෙර උඹලට අයිති කැලේට මිනිස්සු රිංගනවා. උන් කැලේ කපල හේන් හදනව , ගෙවල් හදනව උඹලගෙ බිමේ හිමිකම අහිමි වෙනව. එක දවසක් උඹට හුරුපුරුදු අලිමන්කඩක නිදහසේ ඇවිදිද්දි එක සැරේ ඩෝන් ගාල සද්දයක් ඇහනව. ඒ එක්කම ගිනියම්වූ යකඩ බෝල ගුලි ටිකක් උඹේ ඇගට කිදා බහිනව. උඹ මරු විකලෙන් දුවනව. ඒත් මැරෙන්නෙ නෑ. ඊට පස්සෙ කී සැරයක් මිනිස්සු උඹට වෙඩි තිබ්බද ?  උඹ අපේ වර්ගය එක්ක වෛර බැද ගත්තෙ ඒ නිසා බව දන්නවා.
ඒ හින්ද උඹට අහුවුන මිනිස්සුන්ව උස්සල පොලවෙ ගහනව , උන් අතර කුඩා දැරිවියක් පවා ඉන්නව. අහිංසක දරුනු මිනිස්සු කව්ද කියල අඳුනන්න උබට තේරුම් නැතිව ඇති.  එවිට අපේ රටේ ජනමාධ්‍ය පවා උබට කියන්නෙ මිනීමරු ප්රචන්ඩ වල් අලියෙක් කියලා.
කිසිකෙනක් උඹ ඒ තත්වට පත්කලේ කව්ද කියල කියන්න්. උඹ තව යාලුවො රෑනක් එක්ක උඹලගෙ උදුරුගත්ත බිම් වලට ඇවිල්ල ඒව විනාස කරනව. මොකද උඹලට උඹලගෙ අයිතිය වෙනුවෙන් පිකටින් කරන්න , රැස්වීම් කරන්න නොදන්න නිසා. හඬක් නැති නිසා.

උඹට නිර්වින්දන බේත් විදල වැටන්න යද්දි උඹව බිමට වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන හිරකර හිටපු යාලුවො දෙන්න ගැන මට තියෙන්න ආඩම්බරයක්. නියම යාලුවො එහෙමයි. අලි වෙඩි දාද්දිත් උන් උඹව දාල යන්නෑ.
…ඒත් අවසානේ උඹ පරදිනව…
ඒත් උඹේ හඬ මුලු ලෝකෙටම ගෙනියන්න මම උත්සාහ කරනවා. අලින්ව වෙන ප්රදේශයකට ගෙනියනව කියන්නෙ ඒ සතා ටික ටික මරන එක.  ඊට වඩා ඌව එක සැරේ මරල දාන එක හොඳ බව හිතෙනව ,ඒ උඹව අරන්යන හොරොව්පතාන මීට පෙර අලින්ට සිදුවුනු ඉරනම ගැන සිතත්දි ,ඒනිසා මම බලධාරින්ගෙන් උඹ වෙනුවෙන් ඉල්ලා සිටිනව ,අලි ඇතුන් උන්ගෙ නිජබිමෙන් වෙන්කරනව වෙනුවට අලිවැටවල් හරි අගල්හෝ වෙන ඕනෑම ක්රමයක් භාවිතා කරල ඒ අහිංසක සත්තු උන්ගෙ බිමේම ජීවත්වෙන්නෙ ක්රමයක් හදල දෙන්න කියලා.


https://www.facebook.com/kennedyangelo.coonghe

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article