Wednesday, April 2, 2025

ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කොමිෂන් සභාවක් පිහිටුවයි – සභාපතිධූර ශ්‍රී ලාංකිකයෙකුට

Must read

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ කොමිෂන් සභාවක් ඊයේ (03) ඉතාලි පාර්ලිමේන්තුවට අනුබද්ධිතව පිහිටවීමට ඉතාලි රජය කටයුුතු කර තිබේ. ඉතාලියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්‍ විදේශිකයින්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කළ හැකි මෙම කොමිෂන් සභාවේ සභාපතිධූරය ශ්‍රී ලාංකික රවීන්ද්‍ර ජෙගන් මහතාට පිරිනමා ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉතාලියේ සිට ක්‍රියාත්මක වන ගී ටීවී නාලිකාව විසින් වාර්තා කරන ලදී. රවීන්ද්‍ර ජෙගන් මහතා මේ වනවිට ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නාපෝලි නගර සභාවේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ක්‍රියාකාරීව මැදිහත්වන ශ්‍රී ලාංකිකයෙකි. මේ වනතෙක් ඉතාලි පාර්ලිමේන්තුව තුළ ඉතාලියේ ජීවත්වන විදේශිකයින් වෙනුවෙන් හඬක් නැඟීමට පුද්ගලයෙකු නොසිටි බවත් එ ් වෙනුවෙන් ප්‍රබල යාන්ත්‍රනයක් නොතිබුණ බවත් ප්‍රකාශ කළ රවින්ද්‍ර ජෙගන් මහතා තවදුරටත් පැවසූවේ මෙම කොමිසම හරහා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලැබී ඇති බවයි. මෙම කොමිසම ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයකි.

තොරතුරු උපුටා ගැනීම – GEETV

https://www.facebook.com/watch/?v=682725850845749

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article