ඇමරිකාවේ දේශීය සංගීත පුරාවෘත්තයක් වන කෙනී රොජර්ස් මියගොස් තිබේ. ඔහු මිය යන විට වයස අවුරුදු 81කි. පවුලේ නියෝජිතයෙකු පවසන්නේ ඔහු “ස්වාභාවික හේතූන් මත නිවසේදී සාමකාමීව අභාවප්‍රාප්ත වූ” බවයි. රොජර්ස් 1970 සහ 1980 දශක වලදී පොප් සහ දේශීය ආරේ නිර්මාණ අතර ඉහළින්ම සිටින අතර ග්‍රැමී සම්මාන තුනක් දිනා ගත්තේය. ඔහු වරක් ඔහුගේ ජනප්‍රියත්වය සාරාංශ කළේ මෙසේයි. ඔහුගේ ගීත “සෑම පිරිමියෙක්ම කියන්නට කැමති දේ සහ සෑම කාන්තාවකටම ඇසීමට අවශ්‍ය වන්නේ එයයි” ඔහු සිය පළමු සංගීත කණ්ඩායම් සමඟ පටිගත කිරීම ආරම්භ කළේ 1976 වසරේදීය.
www.bbc.com ඇසුරෙන්.