Saturday, January 18, 2025

ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා විමර්ශන රෝහලක් සඳහා පැවරේ

Must read

03 (1)
හලාවත – ඉරණවිල පිහිටි ඇමරිකන් හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වා ගෙන  ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා රෝගය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන රෝහලක් බවට පත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීම 23 වැනිදා දහවල් සිදු විය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව පැවැත්වුණි.පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර,පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ද,පුත්තලම  නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා, පුත්තලම බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක යන මහත්වරුන්ද නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය ආයතන වල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

අක්කර 400 ක් පමණ විශාල අතහැර දමා ඇති මෙම භූමිය තුළ මේ වන විට යුධ හමුදා අණු ඛණ්ඩයක් ස්ථාපනය කර ඇත.එම භූමියේ තිබූ උපකරණ බොහෝමයක් ගලවා ඉවත් කර ඇති අතර,ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් කිසිදු විනාශ වීමකින් තොරව ඇති බවක්ද දක්නට ඇත.ගොඩනැගිලි ආශ්‍රිතව පිරිසිදු කිරීමේ කටයුතු නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් සිදු කිරීමට නියමිතව ඇත.28

ගොඩනැගිලි වලට සපයා තිබූ විදුලිය සහ ජල සම්බන්ධතා මේ වන විට විසන්ධි කර ඇත.එම සම්බන්ධතා කඩිනමින් ලබා දීමට මෙම අවස්ථාවට සහභාගි වූ නිලධාරීන් එකගතාවය පළ කරන ලදි.

කඩිනමින් මෙම ගොඩනැගිලි සංකීර්ණය කොරෝනා රෝගය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන රෝහලක් බවට පත් වන බව මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.මෙම ගොඩනැගිලි තුළ අවම වශයෙන් රෝගීන් 1500 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කළ හැකි බවත්,සේවය සදහා පැමිනෙන වෛද්‍යවරුන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නවාතැම් පහසුකම් ලබා දිය හැකි මට්ටමක පවතින බවද දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකාව පැවසුවාය.

45 01 (2) 36


ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article