(15.45pm) ඇදිරි නීති බලපත්රයක් නොමැතිව තවත් තිදෙනෙකු සමග වාහනයකින් ගමන් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පුත්තලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුවය.
තවත් තිදෙනෙකු සමග වාහනයකින් ගමන් කරමින් සිටියදී පසුගිය 05 වැනිදා මීගමුව – කොච්චිකඩේ ප්රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් එම පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයාට හෝ ඔහු සමග සිටි සෙසු පුද්ගලයින් තිදෙනාට ඇදිරි නීති බලපත්ර තිබී නැත.රාජකාරි හැදුණුම්පත භාවිතා කරමින් ඔවුන් පුත්තලමේ සිට ගමන් කර ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව අදාල පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි 07 වැනිදා සිට අත්හිටුවීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇත.
ජූඩ් සමන්ත