Saturday, January 18, 2025

ඇඳිරි නීතිය සහ කෙරෝනා භීතිය මැද්දේ Maxi House වැඩ – බලධාරීන් නිදිද ?

Must read

maxi(4.38pm) වෙන්නප්පුව කොස්ගස්හන්දියේ කුකුල් මස් නිෂ්පාදනාගාරයක් වන මැක්සි හවුස් ආයතනය පසුගිය දිනවල දිගටම ආයතනයේ සේවාවන් පවත්වාගෙන ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් එම ආයතනයේ බෙදාහරිමේ අංශයේ රියදුරන්ද සිය අයිතිවාසිකම් පිලිබදව ප්‍රශ්නයක් මතුකර ඇති අතර එහිදී ආයතනයේ බලධාරීන් එම සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද  ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වේ. මේ අතර මැක්ෂි හවුස් ආයතනය තුළ මේ දින කීපය පුරාම වැඩ කළ බව ප්‍රෙද්ශවාසීන් පවසන ලදී. මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ වයඹ ටුඩේ වෙබ් අඩිවය එම ආයතනයේ දුරකථනයට ඇමතුමක් දුන් අතර එහි ආරක්ෂකයෙකු කියා සිටියේ මේ දිනවල වරුවක් වැඩ කරන බවත් නැවත සදුදා වැඩ ආරම්භ කරන බවත්ය.logoප්ංස
ප්‍රෙද්ශවාසීන් පවසන්නේ  මේ දිනවල කුකුල් මස් අත්‍යඅවශ්‍ය ආහාරයක් නොවන නිසා සේවකයන්ගේ ජීවිත අනතුරේ නොහෙලා වගකීමෙන් කටයුතු කිරීමට මැක්සි හවුස් ආයතනයට හැකිවිය යුතු බවයි. එමෙන්ම මෙම ආයතනය මේ ආකාරයට සේවය පවත්වාගෙන යද්දී වෙන්නප්පුවේ පොලීසිය හා අනෙක් බලධාරීන් සිටින්නේ නින්දේද යන ප්‍රශ්නයත් අවට පදිංචි ජනතාව මතුකරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article