Saturday, November 23, 2024

ඇදිරි නීතිය කාලේ “අත්‍යාවශ්‍ය සේවා” පුවරුවට මුවාවී ගමන් කරන වාහන ගැන පොලීසිය සෝදිසියෙන්

Must read

03(2)

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී “අත්‍යාවශ්‍ය සේවා” පුවරුවට මුවාවී මාර්ග වල ගමන් කරන ප්‍රවාහන සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධාරීන් කටයුතු ආරම්භ කර ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරණ සියළුම රථ සදහා ප්‍රදර්ශණය කළ හැකි විශේෂ අවසර පත්‍රයක් නිකුත් කිරීමට පොලීසිය මේ වන විට කටයුතු කර ඇත.නමුත් එම අවසර පත්‍රය ලබා නොගන්නා ඇතැම් වාහන හිමියන් අත්‍යාවශ්‍ය සේවා යැයි සදහන් පුවරුවක් ප්‍රදර්ශණය කරමින් ඇදිරි නීතිය පවතින කාලය තුළ වාහන ගමන් කරණ ආකාරය පසුගිය දිනවල දක්නට ලැබුණි.

ඇතැම් ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීන් විසින් නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමත කරන ලද ලියකියවිලි ඉදිරිපත් කරමින් ඇතමුන් ගමන් කරන ආකාරයද පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

එවැනි සියළුම වාහන වල ගමන් කරන පිරිස් නතර කර ඔවුන්ට දැඩි ලෙස අවවාද කර නීත්‍යාණූකූල අවසර පත්‍රය ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද පොලිස් නිලධාරීන් කටයුතු කරන බවක් දක්නට ඇත.


 

ජුඩ් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article