(2.38pm) ඇදිරි නීතිය අවස්ථාවේදී ගොවිතැන් කටයුතු කර ගෙන යාම සදහා ගොවීන්ට ලබා දී ඇති සහනය තමන්ටද ලබා දෙන ලෙස ධීවරයින් ඉල්ලා සිටී.තම එකම ජීවන මාර්ගය වන්නේ ධීවර කර්මාන්තය වන බැවින් දින කීපයක් ඇදිරි නීතිය පැනවීම නිසා ආදායම් තත්ත්වය පහත වැටී ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ධීවරයින් සදහන් කරයි. ධීවර ආම්පන්න මිළදී ගෙන ඇත්තේ විවිධ ණය පදනමින් බවත් සදහන් කරන ධීවරයින් අඹු – දරුවන් ජීවත් කර වීම සදහා වෘත්තීය කරගෙන යාම සදහා අවසර ලබා දෙනලෙසද ඉල්ලා සිටී.
පසුගිය කාලයේ අප රට තුළ පැවති වර්ග වාර්ගික යුද්ධය අවස්ථාවේදී පවා ධීවර කටයුතු කරගෙන යාමට රජය අවස්ථාව ලබා දුන් බවද ඔවුන් කියා සිටී.
ජූඩ් සමන්ත