රජය විසින් පනවා ඇති පොලිස් ඇදිරි නීති තත්වය නොසලකමින් පුද්ගලයින් පිරිසක් පුත්තලම ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම ප්‍රදේශයට යාමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් ඊයේ(19) මෙහෙයුමක් දියත් කර තිබුණ බව දිණමිණ වෙබ් අඩවිය වාර්ථා කර තිබුණි.
මේ අනුව එහිදී යාත්‍රා මගින් මන්නාරම වෙත පිටත්වීමට සූදානමින් සිටි පුද්ගලයින් 20දෙනෙකු බත්තලන්ගුන්ඩුව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් අතර, කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දැරියන් තිදෙනෙක් ද සිටින බව නාවික හමුදාව සදහන් කරයි.
නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
පහත නම් සඳහන් පුද්ගලයින් මෙලෙස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිරිස පුත්තලමේ සිට මන්නාරමට යාමට හේතුව ගැන කිසිදු හේතුවක් මේ දක්වා මාධ්‍ය තුල ඉවාර්ථා වි නොමැති අතර ඇතැම් මාධ්‍ය මේ පුවත වාර්ථා කර තිබුණේ ඇඳිරි නිතිය අස්සේ වෙනස්ම ආකාරයකටය. ඉන් අදහස් වි තිබුනේ ඇදිරි නිතිය අස්සේ ධිවර රැකියාව ගිය 20 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර තවත් මාධ්‍ය විසින් මේ පුවත වාර්ථා කර තිබුනේ ඇඳිරි නිතිය කාලය තුල මුහුුදු වෙරළට යාම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවය.
කෙසේ වෙතත් navy.lk වෙබ් අඩවිය පවසා සිටින්නේ මේ පිරිස මන්නාරමට බෝට්ටුවෙන් යාමට සුදානමිනි සිටියදි අත්අඩංගුවට ගත් බවය.

1. ඩබ් එස් ප්‍රනාන්දු – හලාවත (වයස අවුරුදු 34)
2. ඩබ්එම්එස්එන් ප්‍රනාන්දු – හලාවත (වයස අවුරුදු 32)
3. ඩබ්එන් පුනාන්දු – හලාවත (වයස අවුරුදු 25)
4. අයිපී නවාස් – හලාවත (වයස අවුරුදු 24)
5. එස්එස් ජයවර්ධන – හලාවත (වයස අවුරුදු 63)
6. ඒඑස් ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 28)
7. ඩබ්සීඩී ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 22)
8. එම්බීඑම් රුක්ෂානා – කල්පිටිය (වයස අවුරුදු 18)
9. එම්බීඑම්වී අල්මේදා- කල්පිටිය (වයස අවුරුදු 16)
10. එම්බීඑම්එම් ලෙසින්ත – කල්පිටිය (වයස අවුරුදු 20)
11. ඒකේ ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 21)
12. එන් ප්‍රනාන්දු – කල්පිටිය (වයස අවුරුදු 43)
13. එම්බී අල්මේදා – කල්පිටිය (වයස අවුරුදු 42)
14. නිම්ලට් ශ්‍යාමලී කෲස් – හලාවත ( වයස අවුරුදු 46)
15. සුදාරි විස්නිකා දබරේරා – හලාවත ( වයස අවුරුදු 22)
16. එස් මරිය ප්‍රසන්ති කෲස් – හලාවත ( වයස අවුරුදු 26)
17. කිස්ටින් ජූඩ් සෙල්වරාජ් කෲස් – හලාවත ( වයස අවුරුදු 52)
18. ඩබ් අමීෂා හර්ෂනී – හලාවත (වයස අවුරුදු 09)
19. ඩබ් රේගියා ෂෙවානි – හලාවත (වයස අවුරුදු 04)
20. ඩබ් ෂනුදි ෂෙහාරා – හලාවත (මාස 06).
මුලාශ්‍රය – දිණමිණ
මුලාශ්‍රය – දිණමිණ