රුමේනියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය “ආසියානු විවිධත්වය සැමරීම” යන තේමාව යටතේ 2024 ආසියානු සංස්කෘතික උළෙලේ දෙවන අවස්ථාවට සහභාගී විය. ගෞරවාන්විත “Dimitrie Gusti” ජාතික ගම්මාන කෞතුකාගාරයේදී පැවැත්වුණු මෙම උත්සවය බුකාරෙස්ට් හි පිහිටි Asia Group of Embasies විසින් සංවිධානය කරන ලද අතර එය ආසියානු ජාතීන්ගේ පොහොසත් සංස්කෘතික උරුමයන් ඉස්මතු කළේය.
මෙම විචිත්රවත් උත්සවය සහභාගිවන්නන්ට ඔවුන්ගේ අද්විතීය සංස්කෘතීන් ප්රදර්ශනය කිරීමට සහ අමුත්තන් අතර සාමූහික හැඟීමක් ඇති කිරීමට වේදිකාවක් විය. සාම්ප්රදායික සංගීතය සහ නැටුම් ප්රසංගවල සිට ඔවුන්ගේ රස අංකුර උද්දීපනය කරන විශිෂ්ට සූපශාස්ත්ර රසවින්දනය දක්වා විවිධ සංස්කෘතික අත්දැකීම්වල ගිල්වීමට සහභාගිවන්නන්ට ආරාධනා කරන ලදී. මෙම උත්සවය විවිධ ප්රජාවන් අතර අවබෝධය සහ අගය කිරීම ප්රවර්ධනය කරමින් ආසියානු සංස්කෘතීන්ගේ පොහොසත්කම පිළිබඳ සැබෑ සැමරුමක් විය. උත්සවයේ ශ්රී ලාංකාවේ ප්රියජනක සාම්ප්රදායික කෑම වර්ග රාශියක් ඇතුළත් විය.