පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් අක්කර 35 ක් පමණ වන බණ්ඩාරහේන නැමැති ඉඩම බලහත්කාරයෙන් අල්ලා සිය හිතවතුන්ට බෙදා දීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකට ගම්වාසීන් විරුද්ධ වී පහර දී පළවා හැර ඇති පුවතක් පිලිබදව මාධ්‍ය වාර්තා වාක තිබේ. ඒ පිළිබඳ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කිරීමෙන් පසු ඇය එම නීති විරෝධී කටයුත්ත නවත්වන ලෙස පොලීසියට දැනුම් දී ඇත
ප්‍රාදේශීය ලේකම්වරිය එම ඉඩම නීති විරෝධීව අල්ලා ගැනීමට පැමිණි පිරිසට දැනුම් දී ඇත්තේ එම කටයුතු තවදුරටත් කළහොත් ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආරච්චිකට්ටුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් සිටින බවයි.
එම ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශයේ ඉඩම් නොමැති ජනතාවට ලබාදීම සඳහා මීට පෙර මැනුම් කටයුතු සිදුකර තිබුණු බවත්, ඉඩම් කච්චේරියක් පවත්වා එම ඉඩම් ලබාදීමට නියමිතව තිබුණු බවත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
8/3/2025 දින- අනිද්දා පුවත්පත
උපුටා ගැනීම – The leader