(10.45am) මේ දිනවල පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ආන්දෝලනාත්මක සිදුවීමට තුඩුදී ඇති ආනවිලුන්දාවේ රක්ෂිත භුමියේ විනාශය ඇරඹුනේ අද ඊයෙක නොවේ. ඩෝසර් කරන ලද අක්කර 130 මේ ආකාරයට එළිපෙහෙලි වී ඇත්තේ හිටපු ජනාදිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කාලයේදිය. ඔහු විසින් 1987 දී ඉස්සන් ව්‍යාපෘතියකට මෙම භුමි ප්‍රෙද්ශය ‘කාසන්’ නමැති කොම්පැණියකට ලබාදී තිබුණ අතර එය බදු ඔප්පුවකින් පවරා දී තිබුණි. එසේ ලබාදී ඇති භූමිය අක්කර 700ක් පමණ වන බවද කියැවේ. පසුව බදු කාලය අවසන් වූ පසු මෙම භූමිය නැවතත් ජීවී දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පසුව නැවතත් මෙම භූමිය පාරසරික පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ලක්ෂ 60ක ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. එසේ තිබියදී පසුගිය යහපාලන සමයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයෙකු සහ ඔහුගේ ලේකම් විසින් මෙම ඉස්සන් ටැංකි සහිත භූමිය අල්ලාගෙන නැවත ගමේම ඉස්සන් වගා කරන මිනිසුන්ට විකුනූ බව ආරච්චිකට්ටුව ප්‍රෙද්ශවාසීන් පවසති. මේ ආකාරයට පුත්තලමේ එජාප දේශපාලකයා සහ ඔහුගේ ගෝලබාලයන් විසින් අක්කර 10 ක් පමණ විකුණා ඇතිබවත් ඒ කාලයේ මෙම සමගි බලවේගයේ කිසිදු නියෝජිතයෙකු මෙම දුෂිත ක්‍රියාවන්ට විරෝධය පළකළේ හෝ මේවා නැවැත්වීමට ක්‍රියා නොකළ බවටත් ජනතාව චෝදනා කරති. ඔවුන්ගේ විරෝධය පළවිය යුත්තේ මෑතකදී සිදුවූ ඩෝසර කිරීමට පමණක් නොව ඔවුන්ගේ පාලන කාලය තුළ දී මෙම ආනවිලුන්දාව භූමියට කළ විනාශයටත් එරෙහිවය. ඊයේ සමගි බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මෙම භූමියට පැමින මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර මාධ්‍ය වෙත ප්‍රකාශද නිකුත් කරන ලදී. ඔවුන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා රජය වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවයි. මෙම කණ්ඩායම නියෝජනය කරමින් පුත්තලම් දිස්ත්‍රික්කය ගැන හොදින් දන්නා දිස්ත්‍රික්කයේ වැඩිම ජන්ද ලබාගත් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද සහභාගී වී සිටිනු ලදී.