වයඹ පළාත් සභා මන්ත්‍රී , අභාවප්‍රාප්ත එම්. කේ. ආනන්ද චන්ද්‍රලාල් මහතා දේහය පිළිබද අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (03 දා) අඹන්පොල දී සිදුකිරීමට නියමිතය.
කොළඹ පිහිටි පුද්ගලික රෝහලකදී සිදුකළ හදවත් සැත්කමකින් පසුව ජීවිතක්ෂයට පත් වූ චන්ද්‍රලාල් මහතාගේ දේහය අද (01 දා) දහවල් මහව පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබීය. එහි කටයුතු අවසන්වීමෙන් පසුව මහව, හංගිලිපොල පිහිටි පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබූ දේහය මීට ටික වේලාවකට පෙර එම නිවසේ තැන්පත් කරනු ලැබීය.
1993 දී මහව ප්‍රාදේශිය සභාවට තරග කරමින් දේශපාලනයට පිවිසි චන්ද්‍රලාල් මහතා මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු, උප සභාපතිවරයෙකු , විපක්ෂ නායකවරයෙකු මෙන්ම මන්ති‍්‍රවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඉන් අනතුරුව යාපහුව ජනතාවගේ නියෝජතයා ලෙස වසර 14 ක් කාලයක් පුරා වයඹ පළාත් සභාව තුළ මන්ත්‍රී ධුරය හෙබ වූ චන්ද්‍රලාල් මහතා පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුද වෙයි.
තරුණ සමයේදී මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර ඇති චන්ද්‍රලාල් මහතා , දිනරැස, දිනකර සහ මනහර ඇතුලු පුවත්පත් කිහිපයකම සේවය කර තිබේ. පස් දරු පියෙකු වන චන්ද්‍රලාල් මහතා මියයන විට 57 වැනි වියෙහි පසුවිය.
චන්ද්‍රලාල් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඔහුගේ උපන් ගම් ප්‍රදේශය වන අඹන්පොලදී සිදුකිරීමට නියමිතය.